Author: LFN
සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක මියගොස් ඇති බව බදුරලිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී දනේෂි අරුද්‍යා නමැති දැරියක බව පොලිසිය කීය. දෙමව්පියන් සමග , බදුරලිය, ඉලුක්පොත හෝටලයක විවේකයක් ගතකිරීම සදහා ඊයේ (17) පැමිණ සිටියදී නාන තඨාකයයේ ගිලී කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සදහන් වේ. බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වති.
දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කළේය. තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීම සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණි. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක්…
2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස් කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබාගැනීමට හැකියාවක් නොමැත. ඒ අනුව පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම ය. ඒ සඳහා සහායවීමට…
සිය පුත්‍රයා කෝප් කමිටු පරිශ්‍රයේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ තමන් කළ ඉල්ලීමට අනුව තම සම්බන්ධීකරණ ලේකම් කණිෂ්ක බණ්ඩාර මහතාට කෝප් කමිටුව පැවැත්වෙන පරිශ්‍රයේ රැඳී සිටිමට 2022 ඔක්තෝබර් 13 වනදා පාර්ලිමේන්තුවේ සහකාර වේත්‍රධාරියා අවසර ලබාදී ඇති බවය. එසේම මීට පෙර වෙනත් විෂයන් සම්බන්ධයෙන් කෝප් කමිටු රැස්වීම් පැවැත්වූ අවස්ථාවන්හිද කණිෂ්ක බණ්ඩාර මහතා එම පරිශ්‍රයේ රැඳී සිට ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිකුත් කළ ලිපියේ දැක්වෙයි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ආරම්භ කළ ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියක උපදේශකයෙකු ලෙස තමන් සේවය සපයන බවට එල්ල වූ චෝදනාවටද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද ප්‍රතිචාර දැක්වීය. ඒ…
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් 2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදී වැළැක්වීමේ පනත ප්‍රකාරව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දී තිබේ. ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 13වනදා නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයකට අදාළව අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත. එමගින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට අනුව තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීති විරෝධි ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ බවය.
වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ලවන බව ඊම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත. එමඟින් පෙන්වා දී ඇත්තේ 2022 සැප්තැම්බර් මස සිට පත් වූ නව සභාපතිවරයා විසින් මෙහෙයවනු ලැබූ කෝප් කමිටු සඳහා සම්බන්ධ වූ තම සංගමය නියෝජනය කරන ජාතික විගණන කාර්යාලයේ විධායක නිලධාරීන්ගෙන් ද වර්තමාන සභාපතිවරයා පිළිබඳ විවිධ චෝදනා සිය සංගමය වෙත ලැබී ඇති බවය. එහි වැඩිදුරටත් සඳහන්…
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී නව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ. ඒ අනුව, රුපියල් මිලියනයක සීමාව දක්වා මූල්‍ය ආරවුල් මුල්‍ය සමථ මණ්ඩල සඳහා යොමු කිරීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වනපරිදි සමථ මූල මණ්ඩල පිහිටුවා ඇති බවත් පවසයි. රුපියල් මිලියන 02ක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි ඉඩම් පිළිබඳව වු විශේෂ සමථ මණ්ඩල සඳහා යොමු කළ යුතු බවත් එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත. එම අවස්ථාවේදී අදහස් දැක්වූ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පුහුණු නිලධාරී, නීතිඥ, චින්තක හේරත් මහතා, “මේ වනවිට උතුරු නැගෙනහිර සියලු දිස්ත්‍රික්කවලට අමතරව අනුරාධපුර, කොළඹ, ගම්පහ,…
දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලීසිය පවසයි. සිද්ධියට මුහුණදී ඇත්තේ 08 හැවිරිදි දැරියකි. සැකකරු නොවැම්බර් 15 සිට 21 දක්වා කාලය තුළ නිවාඩු ලබාසිටින අයෙකු බවත් නිවාඩු මත සිටියදී දැරියට ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවත් දැරියගේ මව විසින් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී ඊයේ (16) පැවැත්වුණි. එම තරගය කඩුලු 03ක් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. එහිදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය. නමුත් ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දුයවන්නන් සමත්විය. අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ඩේවිඩ් මිලර් සහ හෙන්රික් ක්ලාස්සන් ලකුණු 95ක සබඳතාවයක් ගොඩනගා ගත්තේය. ක්ලාස්සන් ලකුණු 47යි. දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග…
තීරු බඳු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සහිත කන්ටේනර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී කන්ටේනර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) සවස කන්ටේනර් රථය නවතා පරීක්ෂා කර තිබේ. එහිදී එම රථයේ තිබී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සොයාගෙන ඇත. ඒ අනුව එම කන්ටේනර් රථය සහ එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.