Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝප් සභාපති ඉවත්කරන්න – විගණන සේවා සංගමය
    Featured

    කෝප් සභාපති ඉවත්කරන්න – විගණන සේවා සංගමය

    By LFNNovember 17, 2023No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්තමාන සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

    ශ්‍රී ලංකා විගණන සේවා සංගමය කථානායකවරයා වෙත ලිපියක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ලවන බව ඊම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එමඟින් පෙන්වා දී ඇත්තේ 2022 සැප්තැම්බර් මස සිට පත් වූ නව සභාපතිවරයා විසින් මෙහෙයවනු ලැබූ කෝප් කමිටු සඳහා සම්බන්ධ වූ තම සංගමය නියෝජනය කරන ජාතික විගණන කාර්යාලයේ විධායක නිලධාරීන්ගෙන් ද වර්තමාන සභාපතිවරයා පිළිබඳ විවිධ චෝදනා සිය සංගමය වෙත ලැබී ඇති බවය.

    එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මේ හේතුවෙන් ව්‍යවස්ථාව මගීන් පාර්ලිමේන්තුවට පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම් නිසිලෙස ඉටුනොවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

    කෝප් කමිටු සභාපතිවරයට එරෙහිව එල්ලවී ඇති චෝදනා පහතින්,

    එක් එක් ආයතන සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ඉදිරිපත්කරන සාකච්ඡා සටහනෙහි ඇතුළත් ප්‍රමුඛතම හා විශේෂිතම කරුණු මගහැර සාපෙක්ෂව අඩු අවධානමක් සහිත කරුණු ඉස්මතුකරමින් ඒ සඳහා වැඩි වේලාවක් ගනිමින් විශේෂ හා ප්‍රධාන කරුණු උපක්‍රමශීලීව මඟහැරීම,

    කමිටුව විමර්ශනය කරන කරුණු සම්බන්ධයෙන් නිශ්චිත නිර්දේශ හෝ මාර්ගෝපදේශ ලබාදීම මගහැරීම මෙන්ම නිගමනයකින් තොරව සාකච්ඡා අවසන් කිරීම මඟින් කමිටුවේ වගකීම් පැහැර හැරීම,

    කෝප් කමිටුව පැවැත්වෙන අතරතුර විමර්ශනයන්ට ලක්වන ආයතනවල කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් සමඟ හස්ත මුද්‍රාවෙන් උපදෙස් ලබාදීම හා කරුණු දැක්වීම්වලදී ආයතන සාමාජිකයන්ට වාසිදායක ලෙස කටයුතු කිරීම.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.