Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඔස්ට්‍රේලියාව අවසන් සටනට සුදුසුකම් ලබයි
    Sport

    ඔස්ට්‍රේලියාව අවසන් සටනට සුදුසුකම් ලබයි

    By LFNNovember 17, 2023No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න් හිදී ඊයේ (16) පැවැත්වුණි.

    එම තරගය කඩුලු 03ක් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

    එහිදී කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් පන්දුවාර 49යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස්කරගත්තේය.

    නමුත් ඔවුන්ගේ මුල් පෙළේ කඩුලු 4ම ලකුණු 24කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේගපන්දුයවන්නන් සමත්විය.

    අනතුරුව 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ඩේවිඩ් මිලර් සහ හෙන්රික් ක්ලාස්සන් ලකුණු 95ක සබඳතාවයක් ගොඩනගා ගත්තේය.

    ක්ලාස්සන් ලකුණු 47යි.

    දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීම සඳහා සුවිශේෂී ඉනිමක් ක්‍රීඩාකළ ඩේවිඩ් මිලර් පන්දු 116කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 101ක් රැස්කළේය.

    එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 6 වන ශතකයයි.

    ජයග්‍රාහී ලකුණු 213ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 02ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 215ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

    මේ අතර එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වන වතාවටත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය.

    මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාව සහ නවසිලන්තයයි.

    එම තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.