Close Menu
Lanka Focus News
    What's Hot

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දයාසිරිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
    Local News

    දයාසිරිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

    By LFNNovember 17, 2023Updated:November 20, 2023No Comments2 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (17) ප්‍රතික්ෂේප කළේය.

    තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීම සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ හිටපු මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණි.

    මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන විසින් මෙම තීන්දුව ලබා දුනි.

    එසේම පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ අනුමැතියට යටත්ව සිදුකර ඇති බවත් එබැවින් එය නීත්‍යානුකූල බවටත් ඔහු තර්ක කර තිබුණි.

    තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට එම පක්ෂය ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර මහතා මුලින්ම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    එම නඩු සලකාබැලූ කොළඹ දිසා අධිකරණය දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

    කොළඹ දිසා අධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් එබැවින් දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ වාරණ නියෝග තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ මෙම නඩු ගොනුකර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 202602 Views

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශය සඳහා තද…

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.