Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්
    Featured

    ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

    By LFNNovember 17, 2023No Comments1 Min Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහා පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස් කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය.

    ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබාගැනීමට හැකියාවක් නොමැත.

    ඒ අනුව පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම ය.

    ඒ සඳහා සහායවීමට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ නීති කටයුතු කාර්යාලයේ න්‍යෂ්ටික සහ ගිවිසුම් නීති අංශයේ ප්‍රධානි ඇන්තනි වෙදෙරෝල් මහතා ඇතුළු නියෝජිතයින් සිව්දෙනෙකු පසුගියදා දිවයිනට පැමිණියහ.

    කොළඹ වරාය නගරය, සැහැල්ලු දුම්රිය ඇතුළු රට තුළ ක්‍රියාත්මක නව ව්‍යාපෘති සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය වෙයි.

    ඊට යෝග්‍යම ප්‍රබවය වන්නේ න්‍යෂ්ටික විදුලි සැපයුම බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා පැවසීය.

    ඔහු පැවසුවේ ඒ අනුව මෙගාවොට් 400ක පමණ පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.