Author: LFN

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පස්සර සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වඩිවෙල් සුරේශ් මහතා සදහන් කළේ පස්සර ප්‍රදේශයේ තරුණ තරුණියන්ට දේශපාලනයේ විශාල බලාපොරොත්තුවක් ඉදිරියේ දී හිමිවනු ඇති බවය. මේ අතර සමගි ජනබලවේගයේ පස්සර නව සංවිධායකවරයා ලෙස ලෙත්චුමන් සංජය මහතා පත් කර තිබේ. ඔහු සිය පත්වීමේ ලිපිය සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබාගත් බව වාර්තා වෙයි.

Read More

අගමැති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ රාජකාරියේ නිරතව සිටින කළමනාකරන නිලධාරිනියකගේ රන් භාණ්ඩ තොගයක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධියට අදාළව කොටුව තිළිණ ගමගේ මහතා හමුවේ කොල්ලුපිටිය පොලීසිය ඊයේ කරුණු වාර්තාකර ඇත. ඒ අනුව විමර්ශනයට අදාළව ඇය සේවය කළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලෝටස් ජෙම් ගොඩනැගිල්ලේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට සහ පැමිණිලිකාරියගේ දුරකථන පරීක්ෂා කිරීමටත් පොලීසිය සිදුකළ ඉල්ලීමට අද අවසර ලබාදී තිබේ. පසුගිය 24 වනදා පෙරවරුවේ සේවයට පැමිණි ඇය එම කාර්යාලයේ රාත්‍රී 08 වනතුරු සේවයේ නිරතව සිට ඇත. සේවය නිමකිරීමෙන් අනතුරුව තම ඇත් බෑගය පරීක්ෂා කරන විට රන් භාණ්ඩ එහි නොතිබූ බව පැමිණිල්ල මගින් එම නිලධාරිනිය…

Read More

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ කිකට් අත්තර් පාලක මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නව ක්‍රිඩා අමාත්‍යවරයාගේ ස්ථාවරය ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේය. ඊට අදාළ පෙත්සම හයවන දිනට ඊයේ කැඳවු අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙරවරුවේ පෙත්සම යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. “ස්වාමිනි මාගේ සේවාදායකයා ගොනුකරන ලද මෙම පෙත්සමේ පළමුවන වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා…

Read More

ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රතිදේහ එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු අවසරය අනුවය. ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගෙන් ,එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් සහ එහි සංවර්ධන මූල්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරු 7 සිට පස්වරු 5 පමණ වනතෙක් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ව්‍යාජ ලේඛන සකසා, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කළ බව කියන සිදුවීමට අදාලව එම සමාගමේ හිමිකරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු…

Read More

2023 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ අභියාචනා සඳහා 2023.11.27 සිට 2023.12.04 දින දක්වා කාලය ලබාදී තිබේ. අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic දරන වෙබ් අඩවියේ School Login වෙත පිවිස අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.

Read More

අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ‍කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පිරිසක් විසින් යොමු කළ ලිපියක් සම්බන්ධයෙනි. නීතිඥවරයෙකු වන බී. පී. එස්. එම්. පතිරත්න මහතා විසින් පෙත්සම ගොනුකර ඇත. එහි වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්, නීතිපති ඇතුළු 11 දෙනෙකු නම් කර තිබේ.

Read More

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, උතුර, නැගෙනහිර, දකුණු, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

Read More

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය. මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක්…

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ද මේ බව ප්‍රකාශ කර තිබුණි. – උපුටාගැනීම – සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වේ. 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇත. තව ද, මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලවය. ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාව ද ඇති ව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කර, රාජ්‍ය…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මතභේදයකට පැටලුණු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් දේශපාලන බලපෑම් සිදුනොකරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලා ඇති බවද එහි සඳහන්ය. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ඒ පිළිබඳ සහතිකයක් ලබාදී නොමැති බවත් ක්‍රික්ඉන්ෆෝ පවසයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉවත්කිරීම සඳහා ජවයෙන් කටයුතු කළ රොෂාන් රණසිංහ එම තනතුරෙන් ඉවත්කිරීම, රජය ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් මැදිහත් නොවීමේ සලකුණක් වනු…

Read More