Author: LFN
කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය. ඒ අනුව දෙසැම්බර් 01 වනදා සිට 04 වනදා දක්වා, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 1.5 සිට 2023 නොවැම්බර් මාසයේදී සියයට 3.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 ඔක්තොබර් මාසයේ පැවති සියයට -5.2 සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට -3.6ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 ඔක්තෝබර් මාසයේ දී 4.9% ක් ලෙසින් වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී 6.8% ක් දක්වා වැඩිවී ඇත.
ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මීට සුළු මොහෙතකට පෙර පස් කන්ද නාය ගොස් ඇති අතර, මේ හේතුවෙන් රියදුරන් දැඩි අසීරුතාවයකට පත්ව ඇත. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන ඇතැයි අප වාර්තාකරු පැවසීය.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව රාජ්‍ය නායකයින්, රාජ්‍ය පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අද දිනයේ සිට දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතය. අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා 03ක් ශ්‍රී ලංකාව විසින් මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මෙවර සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් තිදෙනෙකු සහ විපක්ෂය නියෝජනය…
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ දේශබන්දු මහතා වැඩ භාරගත් අතර, එම අවස්ථාවට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ. දින කිහිපයක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (29) දිනයේ නම් කරනු ලැබිණි. ඒ අනුව මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබේ. මේ අතර, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව දැනුම්වත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…
ඊශ්‍රායලය සමග සටන් විරාම එකඟතාවකට එළඹීමට ආසන්න බව පලස්තීන හමාස් සන්නද්ධ සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ පවසයි. ඒ සම්බන්ධයෙන් තම ප්‍රතිචාරය සාකච්ඡාවල මැදිහත්කරුවන කටාරය වෙත යවා ඇති බව හමාස් නායකයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම නිවේදනයේ පිටපතක් තමන්ට ද ලැබුණු බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය. එම නිවේදනයේ සටන් නැවැත්වීමේ එකඟතාව ඇතිවන ආකාරය පිළිබඳව විස්තර සඳහන් කර නොමැත. කෙසේ නමුත් හමාස් ප්‍රකාශකයෙකු අල් ජසීරා ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ සටන් නැවැත්වීමේ කාලසීමාව, ගාසා තීරයට සහනාධාර සැපයීම සහ ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීනුවන් නිදහස් කිරීමට හිලව් ලෙස හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡා කේන්ද්‍රගත වී ඇති බවයි.…
පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05දෙනෙකු මෙම සිද්ධීයට මුහුණදී තිබුණි. සිද්ධියට සම්බන්ධ අදාළ විදුහල්පතිවරයාව නාවලපිටිය පොලීසිය විසින් පසුගිය (28) අත්අඩංගුවට ගෙන ඊයේ (29) නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර මහතා හමුවට ඉදිරිපත් කෙරුණි. එහිදී නියෝග කෙරුණේ සැකකරා විදුහල්පතිවරයාව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නාවලපිටිය පදිංචි 47 හැවිරිදි විදුහල්පතිවරයෙකි.
විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය www.slbfe.lk යාවත්කාලීන කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම හා ලියාපදිංචිය අලුත් කිරීම, රැකියා බැංකුවේ ලියාපදිංචි කිරීම, නව විදේශ රැකියා අවස්ථා හඳුනාගැනීම හා විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ රැකියාවට යාමට පෙර හා විදෙස් රැකියාව අවසන් කර මෙරටට පැමිණීමෙන් අනතුරුව විගමණික ප්‍රජාව වෙත සැලසෙන සේවාවන් සම්බන්ධව තොරතුරු ලබාදීම හා අවශ්‍ය ලියාපදිංචි කිරීම් සිදුකිරීමට නවතම යාවත්කාලීන කළ වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා තිබේ. සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු…
කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ. ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් වීසා නොමැතිව රැදීසිටි ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් දෙදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය. කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ පිරිස යළි මෙරටට යොමුකර ඇති බව සඳහන්ය.