Author: LFN

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිවේදනය කළේය. ඒ හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ද ඇති වෙයි. දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇදහැලෙයි. දකුණු පළාතේ උදේ කාලයේදීද වැසි ඇති විය හැකිය.…

Read More

ඉදිරියේදී ක්‍රීඩා පනත සංශෝධනයට බලාපොරොත්තු වන බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා, “මාව දාලා තියෙන්නේ ක්‍රිකට් පැටලිල්ල විසඳගන්න ක්‍රීඩා අමාත්‍යංශයට ලොකුම කරදරය ක්‍රීඩා සංගම් සංගම්වල ප්‍රශ්න නිසා ක්‍රීඩකයින්ගේ ප්‍රශ්නවලට වෙලාවක් නැහැ ක්‍රීඩා පනත වෙනස් කරන්න ඕන දූෂණ විරෝධී පනත යටතේ නීති තියෙනවා ක්‍රිකට් වංචාවලට දඬුවම් දෙන්න ක්‍රම අවුරුදු 10 සිරඬුවම් සහ මිලියන 100ක් දඩ ගහන්නත් පුළුවන් මේක පහසුවෙන් විසඳගන්න තිබුණා දේශපාලන වාසියට කතා නොකළානම් ලැබුණු සහයෝගයෙන් නීතියක් ලෙස සම්මත කරන්න තිබුණා හොඳම උදාහරණය පාකිස්තානය පාකිස්තාන අගමැති තමයි ක්‍රිකට් සභාපති පත්කරන්නේ ඒ…

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වූ බව ක්‍රිකට් ආයතනය පවසයි. පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයින් අස්වී තිබේ. මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ ශාරීරික අභ්‍යාස කළමනාකරු ග්‍රාන්ට් ලූඩ්න් යන දෙදෙනාය. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ එම ඉල්ලා අස්වීම් දෙකම පෞද්ගලික හේතු මත සිදුවූ ඒවා බවය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්හි පවතින ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පත්කළ විශේෂ ඇමති අනුකමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ජාතික කොන්ත්‍රාත්තු අත්සන් කර ඇති ක්‍රීඩකයින් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව…

Read More

සෞඛ්‍ය, තැපැල් හා ගුරු විදුහල්පති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ දහවල් කෑම පැයේ විරෝධතාවල නිතර වුණි. රුපියල් 20,000ක අවම වැටුප් වැඩිවීමක් ලබානොදීම, සෞඛ්‍යයට ප්‍රමාණවත් මුදලක් වෙන් නොකිරීම, ඖෂධ, උපකරණ හා කාර්යමණ්ඩල හිඟයට විසඳුම් ලබානොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පැවැත්විය. මේ අතර තැපැල් වෘත්තීය සමිති අද දහවල් තැපැල් කාර්යාල ඉදිරිපිට විරෝධතාවල නිතරවූයේ රුපියල් 20,000ක අවම වැටුප් දීමනාව ලබා නොදීම, නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට එරෙහිව සහ තැපැල් ක්ෂේත්‍රෙය් ඇති ගැටලු රැසකට විසඳුම් ඉල්ලමිනි. මේ අතර මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට පියවර ගෙන නැතැයි චෝදනා කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පස්වරුවේ දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වුණි…

Read More

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝගීන්ට දෙන රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා එන්නත් හා ඖෂධ වර්ග 16ක් අලෙවිකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවය. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීමකදී 24 හැවිරිදි සැකකරු පවසා ඇත්තේ, සිසිලස රැඳෙන පෙට්ටියක් තුළ ඇසිරූ එන්නත් හා ඖෂධ තමා අළෙවි කළේ, අලෙවි නියෝජිතයෙකු තමන් වෙත යොමුකරන රෝගීන්ට බවය. එමෙන්ම අදාළ ඖෂධ තමා වෙත අළෙවි කිරීම සඳහා ලබාදුන්නේ ද එම අලෙවි නියෝජිතයා බව සැකකරු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රකාශ කළේය. මහමගදී අලෙවි කළ පිළිකා ඖෂධ මෙරට ලියාපදිංචිකර ඇතිද යන්න…

Read More

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (30) ඒ මහතාට නියෝග කළේය. ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කොට ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙනි. මෙම පෙත්සම ඊයේ මොහොමඩ් ලෆාර් තාහීර් සහ ඛේමා ස්වර්ණාධිපති යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ නොතීසි වගඋත්තරකරු වෙත යවා තිබෙන බවත් ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් ඊයේ දින කරුණු තහවුරු කිරීමට අවසර…

Read More

කඳාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාව ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කඳාන ප්‍රදේශයේදී අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදීය. කඳාන ප්‍රදේශයේ හෝටලයක් පොලීසියේ බාධාවලින් තොරව පවත්වාගෙන යෑම සඳහා අදාළ පොලිස් නිලධාරියා විසින් රුපියල් ලක්ෂයක් ඉල්ලා ඇති අතර ඊට අදාළ රුපියල් 75,000ක මුදලක් ලබාගැනීමට යෑමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Read More

මීට දින 03කට පෙර අතුරුදන්වී සිටි 24 හැවිරිදි තරුණියගේ මළසිරුර ඊයේ (30) සොයාගෙන තිබේ. වැලිපැන්න පොලීසිය සඳහන් කළේ ඇළ ඉවුරක තිබී තරුණියගේ මළසිරුර හමුවූ බවය. ඒ, ඇය දියේ ගිලී අතුරුදන්වූ බවට සැක කෙරුණු වැලිපැන්න ඇළේ මීගම තොටුපොළ ප්‍රදේශයේ කිලෝමීටර් 05ක් පමණ ඈතින් පිහිටි ඇළ ඉවුරක තිබී අද පස්වරුවේදීය. වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචිව සිටි මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැවිරිදි තරුණියගේ මළසිරුර මෙලෙස හමුවී ඇත. එම තරුණිය පසුගිය 27 වනදා රාත්‍රියේ සිට අතුරුදන් බවට ඇයගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත් ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් තිබූ බවත් වාර්තා විය. අතුරුදන්වූ තරුණිය පැළඳ සිටි සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටි…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 (2023) ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකිය.

Read More

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඉන්ධන වර්ගය පෙර මිල නව මිල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 356ක් රුපියල් 346 ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 423ක් රුපියල් 426 ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 356ක් රුපියල් 329 සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 431ක් රුපියල් 434 භූමිතෙල් ලීටරයක් රුපියල් 249ක් රුපියල් 247

Read More