Author: LFN
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි. උන්වහන්සේ ගේ ප්‍රකාශයක් මාධ්‍යය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කර ඇත. වැඩබලන පොලිස්පත්වරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම පිළිකුලෙන් යුතු ව හෙළා දකින බවත් එම පත්කිරීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් උන්වහනසේ අවධාරණය කරයි. එසේම මෙම පත්කිරීම පාස්කු වින්දිතයන්ට කළ විශාලම අවමානය ලෙස ද උන්වහන්සේ හඳුන්වයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. ඊට අදාළව රුපියල් බිලියන 3ක් මීට පෙර ලබාදී තිබූ අතර ඉතිරි බිලියන 4ක චෙක්පත ලබාදීම අද සිදුකෙරිණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර ඇත. රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම මුදල් ලබාදී තිබේ. ගතවූ මාස 18 ක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා විදේශ ගත ශ්‍රමිකයින්…
පළාත් පාලන මැතිවරණය සදහා ඉල්ලුම්කළ රාජ්‍ය සේවකයින් යළි ඔවුන් සේවය කළ ස්ථානයටම අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ දැනට අභියාචනා ඉදිරිපත් කර ඇති සියලු රාජ්‍ය සේවකයින්ට මෙමගින් පෙර සේවය කළ ස්ථානයටම ස්ථාන මාරු හිමිවන ඇති බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මේ බව කියා සිටියේය. “පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ සිටිනවා. ඔවුන්ගේ අභියාචනා සළකා බලා නැවත සේවයේ පිහිටුවීම සදහා අප විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර…
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහි ව ඉදිරිපත් වූ අභියාචනා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කළ පෙත්සම ඊයේ (29) කැදවූ අවස්ථාවේ දී එය සලකා බැලීම සඳහා ජනවාරි මස 08 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියම කර ඇත. ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ගත් තීන්දුව…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. නීතිඥවරියක විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වෙයි.
කලහකාරී ලෙස හැසිරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් කඩු 4ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෑලියගොඩ පොලිස් වසමේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබුණි. එහිදී කලහකාරීව හැසිරුණු සැකකරුවන් 8 දෙනෙකු හා සැකකාරියන් 3 දෙනෙකු කඩු 4ක් සමග පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 35ත් අතර වයස්වල පසුවන අතර සැකකාරියන් අවුරුදු 26, 46 හා 47 වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. පෑලියගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර කාලයක් සිට පවතින ආරවුලක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඉහත පිරිස අත්අඩංගුවට ගෙන ඇත. එම පිරිස අතුරින් 7දෙනෙකු පෑලියගොඩ පොලීසිය…
ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්‍රදේශය තුළින් වාර්තා වී ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේවන විට පවතින මෝසම් වැසි සමඟ මෙම තත්ත්වය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය. “කොළඹ නගරය තුළ දැනට ඩෙංගු යැයි සැකකෙරෙන රෝගීන් 3,465ක් වාර්තා වෙලා තියෙනවා. ඉන් 80%ක් පමණ ඩෙංගු බවට තහවුරු වෙලා තියෙනවා. අපි දන්නවා දෙසැම්බර් මාසයේ දී එය වැඩිවෙන්න පුළුවන්. මේ වනවිට නැවත වරක් අක්‍රමවත් ලෙස මෝසම් වැසි සක්‍රීය වීමක් අපි දකිනවා. කීට සමීක්ෂණවලින් අපිට 7.1ක් විතරයි නිවෙස්වල පොසිටිව් කෙන්ටේනර්ස් දකින්න පුළුවන්. ඒ වගේම වැඩිම ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවල 60%ක් පමණ. ඒ වගේම…
උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි සේවකයින් 41දෙනාවම මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වයට ශුබ්මන් ගිල් පත්කර තිබේ. එම කණ්ඩායමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව ඔහු කණ්ඩායම් නායකත්වට පත් කර ඇති බව වාර්තා වෙයි. මීට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වය හර්දික් පාන්ඩ්‍යා විසින් දරනු ලැබීය.