Author: LFN

නුගේගොඩ නගරයේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වාහන ගමනා ගමනය සීමාකිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. එම මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා තැබීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත. ඒ අනුව අද (02) උදෑසන 8 සිට හෙට (03) උදෑසන 6 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගය අයත් වන කොටස වසා තැබීමට කටයුතු කරන බැවින් ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි. විකල්ප මාර්ග… *නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණ හන්දියේ සිට කොළඹට ඇතුළු වන සියලූම වාහන නාවල මාර්ගය ඔස්සේ නාවල, නාරාහේන්පිට හංදිය ඔස්සේ කොළඹ දක්වා ගමන් කළ හැකිය. *නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණ හන්දියේ සිට කිරුළපන,…

Read More

එගොඩඋයන, මෝදර මුහුදේ ඊයේ (01) මිතුරන් සමඟ දියනාමින් සිටි තරුණයෙකු මුහුදේ ගිලී අතුරුදන් ව ඇති බව එගොඩඋයන පොලීසිය පවසයි. මෙසේ අතුරුදන් ව ඇත්තේ එගොඩඋයන, ධීවර නිවහන් පෙදෙස පදිංචි සුපුන් චතුරංග නමැති 19 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ. අතුරුදන් ව ඇති තරුණයා රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට ගොස් පැමිණ තවත් තරුණයන් දෙදෙනෙකු සමඟ දියනාමින් සිට ඇති බවත් එක්වරම රළ පහරට හසු ව ගසාගෙන ගොස් ඇති බවත් සඳහන්ය. අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලීසිය මෙහෙයුම් දියත් කර ඇතත් පස්වරුව වනවිටත් ඔහු හමු වී නොමැති බව වාර්තා වේ. එගොඩඋයන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය දෙසැම්බර් 01 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 10.3° සහ නැගෙනහිර දේශාංශ 85.3° ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මි 490ක් පමණ ඊසාන දෙසින් පැවතුණ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, 2023 දෙසැම්බර් 03 දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇත. මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර 2023 දෙසැම්බර් 05 දින වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ. මේ අතර, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල…

Read More

භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ ඊයේ (01) සිට 2024 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන ලෙසය. ඒ අනුව යෝගට්, බටර්, රට ඉඳි, වියළි සහ නැවුම් මිදි, ඇපල්, මාළු, ලොකු ළූණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අයකෙරෙන බවට නිවේදනය කෙරේ.

Read More

පෘථිවියේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව හෙවත් ‘COP28’ සමුළුවට ඩුබායිහි එක්පෝ සිටිහිදී එක් වෙමින් ජනිධිපතිවරයා අවධාරණය කළේ ඒ සඳහා නායකත්වය ලබා දීමට තමා සූදානම් බවයි. පස්වැනි ආසියා පැසිපික් කලාපීය පරිසර බලධාරීන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සංසදය එකඟ වූ දේශගුණික සංසදය පිහිටුවීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ සමුළුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර ඇත. පරිසර දූෂණය පාලනය කිරීම සහ ස්වාභාවික විසඳුම් සඳහා විශාල ආයෝජන කිරීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව සහ…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන මහත්ම මහත්මීන් ගේ පාර්ලිමේන්තු සේවය මාසයක කාලයකට අත්හිටුවීමට පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් අතර සිදු වූ සිද්ධියට අදාළ ව වරප්‍රසාද කාරක සභාව මෙම තීරණය ගෙන ඇත. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අදාළ තීරණය අද (01) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණි. පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.

Read More

අ.පො.ස උසස් පෙළ – 2022 ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. මෙවර උසස් පෙළට විභාගය සඳහා අපේක්ෂකයින් 274,304ක් පෙනී සිට ඇති අතර අපේක්ෂකයින් 166,967ක් මුලික සුදුසුකම් සපූරා තිබේ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 84,176ක් ඉල්ලුම් කර ඇති අතර අපේක්ෂකයින් 45,000ක් විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා මෙවර බඳවා ගැනීමට නියමිතව ඇත. ජෛව විද්‍යාව 9,896ක්, භෞතික විද්‍යාව සඳහා 8,071ක්, වාණිජ 7,850ක්, කලා විෂය ධාරාව සඳහා 11,780ක්, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා 2,295ක් ජෛව පද්ධතිය තාක්ෂණය 1,536ක් හා වෙනත් ඉහත කිසිදු විෂය…

Read More

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අද (01) ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවය.

Read More

නාරාහේන්පිට උද්‍යාන පාරේදී පොලිස් නිලධාරියෙකුට පිහියකින් හා බෝතලකින් පහරදී පළායාමට උත්සාහ දැරූ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය කියයි. තුවාල ලද පොලිස් නිලධාරියාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. වැල්ලවත්ත හැව්ලොක් මාර්ගයේ හැව්ලොක් නිවාස සංකීර්ණය ඉදිරිපිට රථවාහන රාජකාරියේ සිටි පොලිස් සැරයන්වරයෙකු සහ තුවාල ලද කොස්තාපල්වරයා කොළඹ දෙස සිට හැව්ලොක් පාර ඔස්සේ කිරුළපන දෙසට ධාවනය වෙමින් තිබූ තිදෙනකු රැගත් යතුරුපැදියක් නවතා තිබුණි. අනතුරුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් පරීක්ෂා කිරීමට යාමේදී ඔවුන් තිදෙනා නාරාහේන්පිට උද්‍යාන පාර දෙසට දිවගොස් ඇති අතර පසුව පොලිස් නිලධාරීන් දෙදෙනාද යතුරුපැදියෙන් සැකකරුවන් පසුපස හඹා යාමේදී එක් සැකකරුවකු කොස්තාපල්වරයාගේ වම් අතට පිහියකින් හා වීදුරු බෝතලයකින්…

Read More

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ හෙට දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට ඊයේ (30) දින සිදුකළ දැනුම්දීමට අනුවය. ඊයේ දිනයේත් ඔහුගෙන් පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

Read More