Author: LFN

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ. ඉහත මුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය, අද (03) වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිය කි.මී 325ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ප්‍රදේශ 05ක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ වීරඹුගෙදර, වාරියපොළ, අච්චුවේලි, ගම්පහ සහ වැලිමඩ යන ප්‍රදේශවල එම අනතුරු සිදුව ඇති බවයි. වීරඹුගෙදර කිරලබොක්ක ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, පසුපැදිකරු මියගොස් ඇත. මේ අතර, වාරියපොළ නගරයේ දී බස් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ 69 හැවිරිදි යතුරුපැදිකරු වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි. අච්චුවේලි ප්‍රදේශයේදී ද යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ 21 හැවිරිදි යතුරුපැදිකරු අච්චුවේලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.…

Read More

වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබේ. එහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇත. වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ, සුදත් ධර්මරත්න මහතායි. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කර තිබේ.

Read More

ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයා වන ජොනතන් නම් කැස්බෑවා ශාන්ත හෙලේනා දූපතේදී ඔහුගේ 191 වැනි උපන්දිනය පසුගියදා සැමරුවේය. වයස අවුරුදු 191 ක් ලෙස වාර්තාවල සඳහන් වූවත් ජොනතන්ගේ වයස අවුරුදු 191 කට වඩා වැඩි බවද පැවැසෙයි. ජොනතන් ගොඩබිම සිටින ලොව වයස්ගතම සත්වයාට හිමි ලෝක වාර්තාවටද හිමිකම් කියයි. ජොනතන් 1832 වසරේදී නැගෙනහිර අප්‍රිකාවේ උපත ලබා ඇතැයි විශ්වාස කෙරේ. 1882 වසරේදී සීෂෙල්ස් රාජ්‍යයේ සිට ජොනතන් ශාන්ත හෙලේනා දූපතට රැගෙනවිත් තිබේ. ඇසේ සුද පැමිණ අන්ධ වී ඇති නමුත් ජොනතන් හොඳ ශරීර සෞඛ්‍යකින් සිටින බවද වෛද්‍යවරු පවසා ඇත. ජොනතන්ට ගඳ සුවඳ දැනීමේ හැකියාව නැති වී ඇතත් කෑම රුචිය නැතිවී ගොස් නොමැති බව වෛද්‍යවරු පෙන්වා දුන්නේය.…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, දෙසැම්බර් ඊයේ (02) රාත්‍රී වනවිට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කිලෝ මීටර් 330ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවය. එම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. එය හෙට (04) වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර, ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර අනිද්දා (05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ COP 28 සමුළුට සමගාමීව එම හමුව සිදුවූ බවය. දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද මුහුණදී සිටින බැවින් නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බ්‍රසීලයට ආරාධනා කළේය.

Read More

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබේ. ජනාධිපති කාර්යාලය විසින් එම වැඩසටහන ආරම්භ කර ඇති අතර රාජ්‍ය ආදායම් එකතු කිරීමේ අංශය මෙය ක්‍රියාවට නංවා ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනා ජනාධිපති කාර්යාලයට කැඳවා බදු ලිපිගොනු සකස් කිරීම මෙහිදී සිදුවෙයි. මේ වනවිට මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ බදු ලිපිගොනු විවෘත කර ඇති බව වාර්තා වෙයි. දෙසැම්බර් මස 01 වනදාට පෙර‍ එම බදු ලිපිගොනු පුරවා අවසන් කරන ලෙස දැනුම්දී ඇතත් පවතින විවිධ ගැටළු හේතුවෙන් එම කාලය තවදුරටත් දීර්ඝ කර තිබේ. කෙසේවෙතත් දැනට බදු…

Read More

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය දෙසැම්බර් මස 12 වනදා රැස්වීමට නියමිතය.

Read More

තනි දළයක් සහිත හස්තියෙකුට රක්ෂිතයක් තුළ වෙඩිවැදී තිබේ. වීරා නම් තනි දළයක් සහිත මෙම හස්තියා කහල්ල පල්ලෙකැලේ, ජාතික නාමල් උයන රක්ෂිතයේ සිටින අතර හස්තියාට ප්‍රතිකාර කිරීම පසුගිය (01) සිදුකෙරුණි. ඒ, නිකවැරටිය පශූ වෛද්‍ය නිලධාරීන් සහ ගලකිරියාගම වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

Read More

හන්තාන කඳු මුදුනේ සිරවූ වෛද්‍ය පීඨ සිසුන් 180ක් බේරා ගැනේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ. යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඔවුන් සොයාගෙන ඇත.

Read More