Author: LFN

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි. මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ඇතැයි ද අප වාර්තාකරු පැවසීය. අඳුරු ආලෝකයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

Read More

ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරම් සහ සිවඥානම් ශ්‍රීධරන් නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ. ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ ජාතික සමුළුව ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහිදී පක්ෂයේ නව නායකයා තෝරාපත් කරගනු ලබන බව වාර්තා වේ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සඳහා වැඩි නාමයෝජනා සංඛ්‍යාවක් ලැබුණහොත් ඊට පසුව පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කිරීමටත් පසුගිය දා රැස්වු මධ්‍යම කාරක සභාවේ දී තීරණය වී තිබේ. කෙසේ වෙතත් මීට පෙර කිසිදු අවස්ථාවක පක්ෂයේ නායකයා තෝරා…

Read More

පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින අතර ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ. පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන සිවිල් තනතුරක් වේ. කෙසේ වෙතත් කොමසාරිස් ධුරයට පත්වන පුද්ගලයාට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරේ. ඒ අනුව හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මෙම ධුරයට පත්කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති අතර එය මාස 03කට සීමා කර තිබේ.…

Read More

Major League තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය දැක්වූ සුපිරි දක්ෂතාවයක් ගැන මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. තරගය පැවැත්වුණේ රාගම ක්‍රිකට් සමාජය සහ කොල්ට්ස් ක්‍රිකට් සමාජය අතරයි. එහිදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාගම ක්‍රිකට් සමාජය සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස්කරගත්තේය. පළමු ඉනිමේදීද අගනා පන්දු යැවීමක නිරත වූ අකිල ලකුණු 100කට කඩුලු 6ක් දවාගැනීමට සමත්විය. සිය පළමු ඉනිම සඳහා කොල්ට්ස් ක්‍රිකට් සමාජය සියලුදෙනා දැවී ලකුණු 334ක් රැස්කරගැනීමට සමත්විය. එහිදී මුදිත ලක්ෂාන් ලකුණු 79ක් සහ සංගීත් කුරේ ලකුණු 68ක් බැගින් රැස්කරගත්තේය. පන්දු යැවීමේදී රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් යොහාන් ලියනගේ කඩුලු 4ක් සහ ශෂික දුල්ශාන් කඩුලු 3ක්…

Read More

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ස්ථීර පොලිස්පතිවරයා ලෙස පත්කළ යුතු බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිහින්තලේ රජමහා විහාරය වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසීය. උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ මහජන ආරක්ෂාව භාරව සිටින ප්‍රධාන නිලයේ වැඩබැලීමට පමණක් පුද්ගලයෙකු පත් කිරීම නුසුදුසු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්,

Read More

ලේ දන්දීමේ පිංකමකට එක්රැස් කර තිබූ මුදල් කොල්ලකෑම සඳහා 83 හැවිරිදි සමාජ සේවිකාවක ඝාතනය කළ 18 හැවිරිදි තරුණයෙක් ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුව, පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවකි. කාන්තාවක් හිසට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් රුධිරය වහනය වී සිය නිවසේ සාලයේ ඝාතනයට ලක්ව ඇති බවට නොවැම්බර් 29 වනදා මොරටුමුල්ල පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව ඝාතනයේ සැකකරුවන් සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදුකර තිබේ. ඇයගේ නිවසට යාබද නිවසේ පදිංචි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන, එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි තරුණයෙකුගෙන් හා ඔහුගේ මිත්තණියගෙන්ද ප්‍රකාශ ලබාගෙන…

Read More

උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින් වාර්තා වෙමින් පවතී. ඒ අනුව කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් ද සුදු පෙනහලු රෝගීන් වාර්තා වී තිබුණි. මේ අනුව චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට තායිවානය පසුගියදා තීරණය කළේය. ගෙවුණු නොවැම්බර් මාසයේ සිට චීන මගීන් 30 දෙනෙකු නියුමෝනියා ආසාදිතයින් බවට හඳුනාගැනීමට මීට හේතුව වේ.

Read More

කල්මුණේ ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාසයේ පාලිකාව අද දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකාර කාන්තාව කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. කල්මුණේ, පරිවාස දෙපාර්තමේන්තු ළමාරක්ෂක නිවාසයක ප්‍රධාන පාලිකාව සිදුකළ පහරදීමක් හේතුවෙන් එහි රඳවා සිටි 14 හැවිරිදි දරුවෙකු මියගියේය. අත්අඩංගුවට ගත් 28 හැවිරිදි ප්‍රධාන පාලිකාව පාපොච්චාරණය කර ඇත්තේ, දරුවාගේ මුරණ්ඩුකම් නතරකිරීමේ අරමුණෙන් ඔහුට පහරදුන් බවයි. කල්මුණේ ඉස්ලාමාබාද්හි පිහිටි පරිවාස දෙපාර්තමේන්තු ළමාරක්ෂක නිවාසයේ රඳවා සිටි මෙම දරුවා නොවැම්බර් 30 වනදා අලුයම් කාලයේ සිහිසුන්ව කාමරයක වැටී සිටින බවට කල්මුණේ පොලිසියට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරින් වහාම එම ස්ථානයට ගොස්…

Read More

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ හෙරොයින් සහ ගිනි අවි සොරකමට අදාළව සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනෙකුද සිටින බව පොලීසිය පවසයි. නඩු භාණ්ඩ කාමරයේ තිබූ භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජූලි මස 12 වනදා අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී නොවැම්බර් මස 26 වනදා සහ 28 වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරත බහු කාර්ය සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” (MICHAUNG) සුළි කුණාටුව, ඊයේ (03) වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර දේශාංශ 81.6° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, වයඹ දෙසට ගමන් කරනු ඇති බවය. එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර හෙට (05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිට හැකි බව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණවිද්‍යා…

Read More