Author: LFN

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමණික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරීම පසුගිය (04) සිදුකෙරුණි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා රු.බිලියන 5ක මුදලක් වෙන්කර ඇත. කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වෙයි. ඒ සඳහා තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත ප්‍රේෂණය කර (අවම වශයෙන් පසුගිය මාස තුන තුළ) තිබිය යුතුය. මෙම…

Read More

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති විය හැකි බවය. සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය (02) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය. දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මෙම සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව අවධාරණය කළේය. වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් දේශනය ආරම්භ කළේය. මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම…

Read More

යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් මෙරට දරුවන් ට අවුරුදු 18 වනවිට විශ්වවිද්‍යාලය ට යෑමට වාසනාව හිමිවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද (05) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු එසේ කීය. ඔහු පැවසුවේ මෙරට සිසු සිසුවියන්ට වයස අවුරුදු 21 වනවිට විශ්වවිද්‍යාල උපාධියක් හිමිකර ගැනීමට යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව අවස්ථාව හිමිවන බවයි. අපොස සාමාන්‍ය පෙළ, සහ ශිෂ්‍යත්ව විභාග සඳහා ද වෙනස්කම් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Read More

ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදුකෙරුණි. කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බවය. දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහන ලේඛනයක් ගොඩ නැගීමට හැකියාව ලැබේ. ජාතික උප්පැන්න සහතිකයන්…

Read More

ජා-ඇළ ප්‍රදේශයේ හෝටලයක ඊයේ (04) පැවති සාදයක් අතරතුර දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ පහරදීමකදී පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි තුම්පෑලිය, ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා සාදය අතරතුර දී තවත් පුද්ගලයෙකු සමග බහින්බස්වීමක් ඇතිව තිබේ. එහිදී අනෙක් පුද්ගලයා මොහුට පහර දී පසුව පිහිණුම් තටාකයට තල්ලු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජා-ඇළ පොලීසිය විමර්ශන සිදුකරයි.

Read More

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනෙකුත් ක්‍රීඩා සංවර්ධනය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ලකරමිනි.

Read More

ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායල ජනපද වලට ප්‍රහාර එල්ල කිරීමට මූලිකත්වය ගත් හමාස් නායකයෙක්ව විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය පවසයි. ඊයේ එල්ලකළ ගුවන් ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ “Shati Battalion” හි අණ දෙන නිලධාරියාව ඝාතනය වී ඇති බවයි. Haitham Khuwajari ඔක්තෝබර් 07 ප්‍රහාරයේ මූලිකයෙක් බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය පැවසීය. මේ අතර ඊශ්‍රායල “ෂින්බෙත්” ආරක්ෂක ප්‍රධානියා පැවසුවේ හමාස් නායකයින් ලොව කොහේ සිටියත් ඔවුන් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු බවයි.

Read More

ක්‍රිකට් ලොවේ යෝකර් රජු ලෙස ප්‍රකට ලසිත් මාලිංගගේ නවතම යෝකර් පන්දුව පිළිබඳව මේ වනවිට ලෝකයේම කතාබහට ලක්ව ඇත. ඔහුගේ නවතම යෝකර් පන්දුව එල්ලවන්නේ පිතිකරුවෙකුට නොව ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය ටය. මාලිංග විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගීත 14කින් සමන්විත ඔහුගේ නවතම ඇල්බමය එළිදැක්වීමට සියල්ල සූදානමින් පසුවන බවය. මෙම ගීත ලසිත් මාලිංග විසින් ම රචනා කර තිබීම එහි ඇති විශේෂත්වයයි. මාලිංගගේ බලාපොරොත්තුව වී ඇත්තේ ඔහුගේ සුපිරි යෝකර් පන්දුව මෙන්ම ඔහු විසින් රචිත මෙම ගීත ද ශ්‍රාවකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමය. එසේම එහිදී වැඩිදුරටත් විදෙස් මාධ්‍ය ඔහුගෙන් අසා සිටින්නේ වඩා අපහසු ගීත රචනය ද නැතිනම් ක්‍රිකට් ද යන්නයි. එයට පිළිතුරු දෙමින් සුපිරි…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් සිදුව තිබේ. ඩුබායිහිදී පැවැත්වෙන COP 28 සමුළුව අතරතුරදී මෙම හමුව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එහිදී යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ කටයුතු මෙන්ම, දේශගුණික විපර්යාස ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමේදී පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

Read More