Author: LFN

රජයේ අරමුදල් තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති බවට විගණන වාර්තා මගින් ඔප්පු කළහොත් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ (06) පාර්ලිමේන්තුවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කුරුණෑගල රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් ලබාදීමට පියවර ගෙන ඇති බවයි. එමෙන්ම වසර 15කට වඩා පැරණි සීටී ස්කෑන් යන්ත්‍ර 03ක් වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර 03ක් කොළඹ ජාතික රෝහලට, කරාපිටිය ශික්ෂණ රෝහලට සහ මාතර දිස්ත්‍රික් රෝහලට ලබාදීමට පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන්ය. මේ අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අක්‍රියව ඇති සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් මෙරටට ගෙන්වා ඇතත් ඒවා නිදහස් කිරීමට රේගුව මෙතෙක් පියවර ගෙන නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කරයි. එමෙන්ම කළුතර සහ හම්බන්තොට රෝහල්වල සීටී ස්කෑන් යන්ත්‍රද මේ වනවිට බිඳ වැටී ඇති…

Read More

මහා මාර්ගයේ සිටි පරෙවියෙකු මෝටර් රථයකින් යටකිරීම සම්බන්ධයෙන් සැකපිට රියදුරෙකු අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ ජපානයේ ටෝකියෝ නුවරින්. මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවන කුලී රථ රියදුරෙකි. මාර්ගයේ සිටි පරෙවියන් රංචුවක් මතින් ධාවනය කර ඇති බවට ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර ඇත. සිද්ධිය ඇසින් දුටුවෙකු විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පැයට කිලෝමීටර් 60කට ආසන්න වේගයකින් ඔහු සිය රථය පරෙවි රංචුව සිටි ස්ථානයෙන් ධාවනය කර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ ඉන් එක් පරෙවියෙකු මියගොස් ඇති බවය.

Read More

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකේය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පත්කර තිබේ.

Read More

කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වනදා විවෘත කිරීමට නෙළුම් කුලුන පෞද්ගලික සමාගම තීරණය කර තිබේ. ඒ අනුව මෙම අවන්හල සිට්‍රස් හෝටල් සමූහය සමග ඒකාබද්ධව ජනතාවට විවෘත කිරීමට නියමිතයි. කොළඹ නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල සැලකෙන්නේ දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙසයි. එය ජනතාවට විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්විණි.

Read More

දූෂණයට ලක්වූ 16 හැවිරිදි වියේ පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් ඛේදනීය පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. ඇය මෙලොව ඉපදීමට පෙර ඇයගේ පියා මව අතහැර දමා ගොස් ඇත. මීට වසරකට පෙර ඇය ළඟ සිටිය යුතුම කාලයේ ඇයගේ මවද විදෙස්ගතවී තිබේ. පොලීසිය පවසන්නේ අනතුරුව ඇය සිය 70 හැවිරිදි වියේ පසුවන මිත්තණිය සෙවණේ සිට ඇති බවය. මීට සතියකට පමණ පෙර ඇයගේ 20 හැවිරිදි පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇයව බදුල්ල සරුංගල් කන්ද වෙත රැගෙන ගොස් තිබේ. එදින ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පිටව ගොස් තිබේ. එහිදී මෙම…

Read More

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන් වේ. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති වනු ඇත. බස්නාහිර පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැක. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු…

Read More

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ රංජිත් අබේරත්න නමැති අයෙකි. මෙලෙස කඩාවැටී ඇති පැරණි බැම්ම ඉවත්කර නව බැම්මක් ඉදිකරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ. එහිදී අද දහවල් 12ට පමණ පැරණි තාප්පය කඩාවැටී ඇති අතර මෙම පුද්ගලයා බැම්ම සමග කඩාවැටුණු පස් කන්දකට යටවී තිබේ. කෙසේ වෙතත් කඩිනමින් එහි සිටි පිරිස රෝහල් සේවකයින්ගේ සහාය ඇතුව පස් කන්දට යටවූ පුද්ගලයා රෝහල්ගතකිරීමට පියවර ගත්තද ඔහු ඒ වනවිටත් මියගොස් තිබේ.

Read More

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණි. අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

Read More

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ තැන්පත් රක්ෂණ අයෝජන ක්‍රමය, ප්‍රාග්ධනීයකරණය හා මහ බැංකුවේ ආයතන ධාරිතාකරණය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යන සංරචකයන් යටතේ මෙම ණය මුදල පිරිනැමේ. ඒ අනුව අදාළ යෝජනාවට එළැඹීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “සමහර අවස්ථාවලදී ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී විපක්ෂය විසින් මතවාදයක් ගෙනිච්චා සියලුම තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් කොටසක් රජය අයකර ගන්නවා කියලා. රජය ජනතාවගේ සියලූම තැන්පත් ආරක්ෂා කරන්න…

Read More