Author: LFN
දින 7ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් රුපියල් 50,000කට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනාව ඇප මත නිදහස් කර තිබේ. අප අධිකරණ වාර්තාකරු පැවසුවේ ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත නිදහස් කළ බවයි. මෙම නඩුව අද (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී එම නිවුන් දරුවන්ගේ මව පවසා ඇත්තේ තමාට දරුවන් දෙදෙනා බාරගත නොහැකි බවයි. ඒ අනුව එම දරුවන් දෙදෙනාව පරිවාස භාරයට පත් කෙරිණි. නඩුව ජනවාරි 12 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම නිවුන් දරුවන් දෙදෙනාව මිලදීගත් සැකකාරියන් දෙදෙනා ඊයේ, අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. එම එක් බිළිඳකු විකුණා ඇත්තේ…
නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා එහි ඇතුළත් ය.
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයා මියගොස් තිබේ. මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා වෙයි. යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එම සත්ත්වයා මිය යන්නට ඇති බවට සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.
බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ පින්නවල ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැයී තිබේ. ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත. පින්නවල නගරයට මීටර් 100ක් පමණ ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය. ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග මෙලෙස නායයෑමක් සිදුවී තිබේ.
අද (08) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර පළාතේ උදැසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති වෙයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
ෆොසිල ඉන්ධන යුගයේ අවසානය කරා ලෝකය යොමුවෙද්දී EV නැත්නම් විද්‍යුත් වාහන භාවිතය ලොව පුරා ප්‍රචලිතවෙමින් පවතින බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරයි. ලෝකයේ රටවල් රැසක් මේ වනවිට කාලගුණ විපර්යාසවලට මුහුණ දෙමින් සිටීම නිසා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇත. මේ පිළිබඳව පසුගියදා ඩුබායිහි පැවති COP28 සමුළුවේදී සාකච්ඡාවට ගැනුණි. කෙසේ වුවද ප්‍රංශය මූලික කරගත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පුරෝකථනය කරන්නේ, මෙම දශකය අවසානය වනවිට ලෝක ඉන්ධන පරිභෝජනය එහි උච්චතම අගය සටහන් කරනු ඇති බවය. එය දෛනිකව ඉන්ධන බැරල් මිලියන 103ක් වනු ඇතැයි පැවසෙයි. ප්‍රවාහනය, ලොව ඉන්ධන ඉල්ලුමෙන් සියයට 60කට හේතුවී තිබේ. අමෙරිකාවේ ඉන්ධන ඉල්ලුමෙන් ප්‍රවාහනය සඳහා වන ඉන්ධන…
ආණමඩුව, පෙරියකුලමේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් 18 හැවිරිදි වියේ පසුවන සිය පුත්‍රයා සමග විවාහවීමට අපේක්ෂාවෙන් සිටි 16 හැවිරිදි දැරියක් දූෂණය කර තිබේ. කුලී වැඩ කරමින් ජීවත් වූ 18 හැවිරිදි පුත්‍රයා අදාළ දැරිය සමග සිය පියාගේ නිවස ආසන්නයේ කුඩා නිවසකට පසුගියදා පදිංචියට පැමිණ තිබුණේ දැරියට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු විවාහවීමේ අපේක්ෂාවෙනි. ඒ වනවිට ඔහුගේ මවද ගැබ්ගෙන සිට ඇති අතර ඔහු ඇයව දින කිහිපයක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගොස් තිබුණි. ඒ අතරතුර ඔහුගේ පියා වරින්වර දැරිය දූෂණය කර ඇති අතර, ඇය තරුණයාට මේ පිළිබඳව දැනුම්දී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස…
ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසල් වෑන් රථයකදී අතවරයට ලක්කළ එම වෑන් රථයේ රියදුරු සොයා පනාමුර පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ සිය පුංචි අම්මාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු දැරියකි. දැරිය පසුගිය දිනෙක පාසල් නොපැමිණ නිල ඇඳුමෙන් ඇඹිලිපිටිය නගරයේ රැඳී සිටිනු මිතුරියන් දැක ඇති බවට පාසලෙන් ලැබුණු ඇමතුමකට අනුව දැරියගේ ඥාතීන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලීසිය එම දැරිය පාසලට පැමිණෙන වෑන් රථයේ රියදුරුට ඇමතුමක් ලබාදී ඔහු ගෙන්වා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ පොත් කිහිපයක් මිලට ගැනීමට අවශ්‍ය බව දන්වමින් දැරිය ඇඹිලිපිටිය නගරයේදී වෑන් රථයෙන් බැස ගිය බවය.…
ලොව වඩාත් ජනප්‍රිය වෙබ් අඩවියක් වන විකිපීඩියා වෙබ් අඩවිය හරහා 2023 වසරේදී පරිශීලකයින් විසින් සෙවූ වෙබ් අඩවි ගැන සමීක්ෂණ ප්‍රතිඵලයක් එම වෙබ් අඩවිය ප්‍රකාශයට පතකට තිබේ. ඒ අනුව එහි වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු 25ක් එමගින් ඔවුන් ප්‍රකාශයට පත්කර ඇත. එහි පළමු තැන හිමිව ඇත්තේ ChatGPT පිටුවටයි. මේ අතර එහි දෙවන ස්ථානයට වාර්තා වන්නේ වසරේ මරණ ලැයිස්තුවයි. එසේම ලොවපුරා වඩාත් ජනප්‍රියතත්වයට පත්වූ Oppenheimer, Jawan, Pathaan සහ Barbie යන චිත්‍රපට ද එම ලැයිස්තුවට ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. පසුගිය නොවැම්බර් මස 28 වනදා දක්වා අදාළ දත්ත පදනම් කරගනිමින් මෙම වාර්තාව එළිදක්වා ඇත. එම ලැයිස්තුව පහතින්, 1. ChatGPT: 49,490,406 pageviews 2.…
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡා තවමත් පැවැත්වෙන අතර අවසන් ඒකඟතාවකට තවම එළැඹ නොමැත. ඒ් අනුව ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතරවාරයේ ඊට අමතරව සනත් ජයසූරිය උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව සඳහන් වෙයි. මහේලට ක්‍රිකට් සංවර්ධන අංශයට අදාල වගකීම් පැවරී ඇති නමුත් ජයසූරියට නව විෂය පථයක වගකීමක් පැවරෙනු ඇති බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා තීරණය කළ අතර ඊට සමගාමීව තවත් වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතව තිබේ.