Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් වෑන් රථ රියදුරෙක් 11 ශ්‍රේණියේ දැරියකට කළ අපරාධය
    Featured

    පාසල් වෑන් රථ රියදුරෙක් 11 ශ්‍රේණියේ දැරියකට කළ අපරාධය

    By LFNDecember 8, 2023No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසල් වෑන් රථයකදී අතවරයට ලක්කළ එම වෑන් රථයේ රියදුරු සොයා පනාමුර පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

    මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ සිය පුංචි අම්මාගේ රැකවරණය යටතේ හැදී වැඩුණු දැරියකි.

    දැරිය පසුගිය දිනෙක පාසල් නොපැමිණ නිල ඇඳුමෙන් ඇඹිලිපිටිය නගරයේ රැඳී සිටිනු මිතුරියන් දැක ඇති බවට පාසලෙන් ලැබුණු ඇමතුමකට අනුව දැරියගේ ඥාතීන් ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබේ.

    ඒ අනුව පොලීසිය එම දැරිය පාසලට පැමිණෙන වෑන් රථයේ රියදුරුට ඇමතුමක් ලබාදී ඔහු ගෙන්වා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ පොත් කිහිපයක් මිලට ගැනීමට අවශ්‍ය බව දන්වමින් දැරිය ඇඹිලිපිටිය නගරයේදී වෑන් රථයෙන් බැස ගිය බවය.

    ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැක සිතූ දැරියගේ ඥාතීන් දැරිය සොයාගන්නා තෙක් රියදුරා මුදා නොහරින ලෙස ඉල්ලීම් කළත්, පොලීසිය ඔහුව මුදාහැර තිබේ.

    කෙසේ වෙතත් පස්වරුවේ නිවසට පැමිණි දැරිය පවසා ඇත්තේ, ඇඹිලිපිටිය නගරයෙන් පොත් කිහිපයක් මිලදීගත් පසු රියදුරු තමන්ව වෑන් රථයට නංවාගෙන චන්ද්‍රිකා වැව ආසන්නයේ කැලෑබද ප්‍රදේශයට රැගෙනවිත් අතරවරයට ලක්කළ බවය.

    ඒ අතරතුර පොලිසියෙන් ඇමතුමක් ලැබුණු පසු ඔහු තමන්ව එහි අත්හැර දමා පිටත්ව ගිය බව දැරිය පවසා තිබේ.

    පසුව ඇය ඇඹිළිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාවරයා වෙත ඉදිරිපත් කෙරුණි.

    අදාළ වෑන් රථය පොලිසිය සිය භාරයටගත්තද, විවාහකයෙකු වන 42 හැවිරිදි සැකකාර රියදුරා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.