Author: LFN

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය නාය යාමට ලක්විමත් සමඟ එම මාර්ගයේ බදුල්ල බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය ඊයේ (10) සිට නතර කිරීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . මේ සදහා විකල්ප මාර්ගය ලෙස හාලිඇල ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය හදුන්වා දී ඇති බවත් , එම මාර්ගය ඔස්සේ බර වාහන වලට බදුල්ල , බණ්ඩාරවෙල නගර වලට ලගා විය හැකි බවද හෙතෙම කීය . දුර ගමන් සේවා බස්රථ ධාවනය සදහා ද මෙම විකල්ප මාර්ගය හදුන්වා දී ඇති අතර , බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය සැහැල්ලු වාහන සදහා පමණක් විවෘත කරන බවද පවසන බදුල්ල දිස්ත්‍රික් ලේකම්…

Read More

මාස ගණනාවක් තිරප්පනේ ප්‍රදේශයේ සැරිසරන අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහා රැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. එහි ආසන්නතම සිදුවීමක් ලෙස පසුගිය (09දා) උදෑසන කණුමුල්ලේගම වැවට මෙම අලියා පැමිණ අග්බෝ ඇතා රැගෙන යෑමට උත්සාහ දරා ඇති අතර පසුව අග්බෝ ඇතා වැවේ සිටියදී එම අලියා පමණක් නැවත කැලයට ගොස් තිබේ. මාස ගණනාවක් වම් පාදයේ ආබාධයක් නිසා රෝගාතුරව සිටි අග්බෝ ඇතා, තුවාල සුවවීමෙන් පසු තිරප්පනේ, ඇතුන්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකම සැරිසරමින් ආහාර ගනිමින් ජීවත්වීමට පුරුදුව සිටියි. රෝගාතුරවීමට පෙර සිටි අලි රංචුවේ අලියෙකු පසුගිය දිනවල වරින්වර අග්බෝ ඇතා සිටින තැන්වලට පැමිණි බවත්, අග්බෝගේ රෝගී තත්ත්වය හා…

Read More

උසස් වීම් ලබාදීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට සිදුව ඇති අසාධාරණය වහා නිවැරදි කරන ලෙසට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ. බඳවා ගැනීම, පුහුණුව, රාජකාරියේ යෙදවීම හා විශ්‍රාම යාම එක සමාන වුවත් උසස් වීම් ලබා දීමේදී පමණක් කාන්තා නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුවෙන බවට කාන්තා නිලධාරිනියන්ගෙන් චෝදනා එල්ල ව ඇත. මේ වන විට මුළු සේවා කාලය වසර 25ක් සම්පූර්ණ කර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ වසර 04ක් සම්පූර්ණ කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 92ක් රාජකාරියේ යෙදී සිටියත් ඔවුන්ගේ උසස් වීම් සම්බන්ධ ව නිශ්චිත ක්‍රමවේදයක් හෝ පුරප්පාඩු හඳුනා ගැනීමක් මෙතෙක් සිදුකර නැති බව මෙහි දී අනාවරණය වී තිබේ.

Read More

වත්තල හෝටලයක් තුළදී සිදුකළ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 හා 23 අතර පසුවන සත්හිරු සෙවණ මෝදර සහ මිහිජය සෙවණ කොළඹ 15 යන මහල් නිවාසවල පදිංචිකරුවන් දෙදෙනෙකි. කලක පටන් සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව තිබේ. කෙසේ වෙතත් මෙලෙස ඝාතනයට ලක්ව ඇති හෝටල් සේවකයා කිසිදු අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත් ඔහු විශ්‍රාමික යුද යමුදා සෙබළෙකු බවත් අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් බොරැල්ල ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී යතුරු පැදියක…

Read More

වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ “හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු” යනුවෙනි.

Read More

ඊයේ (10) පාර්ලිමේන්තුව රැස් වුණේ, මේ මොහොතේ රටම කතාවෙන එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමටය. කෙසේ වෙතත් ගණපූරණය නොමැති වීමෙන් එම විවාදය නවත්වා පාර්ලිමේන්තුව අද දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයාට සිදුවිය. ජනතාවට සංවේදී කාරණයක් වූ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංවාදයට ලක් කිරීම සඳහා මෙරට සිටින දෙකෝටි විසි ලක්ෂයක් වූ පුරවැසියන් අතුරෙන්, පුරවැසියා විසින් ම තෝරා පත් කරගනු ලැබුණු මහජන නියෝජිතයෝ 225ක් දෙනෙක් සිටිති. එකී දුලබ අවස්ථාව පුරවැසියා විසින් ඔවුනට ලබා දී ඇත්තේ, නියෝජිතයන් රාජ්‍යයට හා පුරවැසියාට යහපත් යමක් කරනු ඇති බවට යන චේතනාවෙනි. එක් දිනක පාර්ලිමේන්තුව පැවැත්වීම උදෙසා වැය වන මහජන මුදල…

Read More

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කොල්ලකෑමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ තියුණු ආයුධ රැගෙන පැමිණි දෙදෙනෙකු මෙම කොල්ලය සිදුකර ඇති බවය. අද උදෑසන 8.20ට පමණ එම මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග එහි ඇතුලු වූ දෙදෙනෙකු විසින් මෙම කොල්ලය සිදුකර ඇත. උකස් මධ්‍යස්ථානයේ හිමිකරුවන් පවසන්නේ කොල්ලකරුවන් විසින් ලක්ෂ 175කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් සහ ලක්ෂ 10ත් 15ත් අතර මුදල් ප්‍රමාණයක් කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පවතින අධික වැසි තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ හල්දුම්මුල්ල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, උඩපළාත සහ මැදදුම්බර ප්‍රදේශ සඳහාද පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවත්ගම සහ පොල්ගහවෙල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල අඹන්ගඟ කෝරළේ සහ ලග්ගල පල්ලේගම ප්‍රදේශ සඳහාද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මීට අමතරව පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ කුරුවිට ප්‍රදේශ සඳහාය.

Read More

රට පුරා විදුලිය බිඳවැටීම වැළැක්වීමට ගැසට් මගින් කළ නියෝග විදුලිබල අමාත්‍යාංශය පැහැර හැර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙයි. තමා සභාපති තනතුරේ සිටියදී විදුලිය බිඳ වැටීම් වැළැක්වීම සඳහා 2022 සැප්තැම්බර් 09 වන දින අංක 2296/38 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් විදුලිබල අමාත්‍යාංශයට හා ලංකා විදුලි බල මණ්ඩලයට නියෝගයක් නිකුත් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙයි. ඊයේ (09) පැය 05ක පමණ විදුලිය බිඳ වැටීම හේතුවෙන් රුපියල් කෝටි 600කට අධික ඝෘජු ආර්ථික හානියක් සිදු ව ඇති බවත් ඊට වන්දි ගෙවිය යුත්තේ වත්මන් විදුලිබල අමාත්‍යවරයා සහ ලේකම්වරයා බවද ජනක රත්නායක…

Read More