Author: LFN
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. මේ අතර අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවය. එසේම එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා…
හරිනි අමරසූරිය ජනපති කර විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අගමැති වීමේ සැලසුමක්. මේ වන විට ජාතික ජනබලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රචාරක කටයුතු ඉතාමත් සංවිධාන ශීලීව දිවයින පුරා සිදුවෙමින් පවතින මොහොතක ජාතික ජනබලවේගයේ නායකයින් නොසිතන විදිහේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ නායකයා වශයෙන් කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් මේ වන විට එම සැලසුම ක්‍රියාත්මක කරමින් ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි. ඔහුගේ එම සැලසුම වන්නේ ජාතික ජනබලවේගයේ එකම පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වන ආචාර්ය හරිනි අමරසුරිය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා කොට ජාතික ජනබලවේගය යටතේ ඇයව දිනවීමට කටයුතු කිරීමයි ඉන්පසු එළඹෙන…
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම හෙට (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) නියෝග කළේය. විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය අද (12) දින නිකුත් කිරීමට නියමිතව තිබුණි. එම අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි අද උදෑසන 9ට තමාට දැනුම්දුන් බවය.…
මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රකට අමතර පන්ති ගුරුවරයෙකු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් ‘සක්විති රණසිංහ’ නැමැත්තාට සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නැමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබේ. එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කර ඇත. 2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත පවරා තිබූ නඩුවක් අද (12) දින කැඳවූ අවස්ථාවේ දී…
කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම හටගෙන ඇති බවය. ගැටුමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයකි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය සඳහන් කළේය. ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට පොලීසිය යොදවා ඇතැයි ද වාර්තා වේ.
ගතවු පැය 24තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 297 දෙනෙකු මියගොස් ඇති බවට ගාසා බලධාරීන් පවසයි. විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ගාසා හී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ගතවු පැය 24 තුළ ඇති වු ගැටුම්වලින් පලස්තීනුවන් 550කට වැඩිපිරිසක් තුවාල ලබා ඇති බවය. පසුගිය ඔක්තෝම්බර් මස 07 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 18,000 දහසක පමණ පිරිසක් මියගොස් තිබේ. එමෙන්ම තවත් පුද්ගලයින් 49,500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
නැගෙනහිර, ඌව සහ උතුරු මැද, පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (12) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද…
සොරකම්, අපරාධ වැඩි වශයෙන් අසන්නට ලැබෙන මෙවන් කාල වකවනුවක් තුළ සුවිශේෂී වූ පුවතක් අපට අසන්නට ලැබෙන්නේ අනුරාධපුර ඩිපෝවෙනි. මෙලෙස වාර්තා වී ඇත්තේ ලංගම බස් රථයක මගියෙකුට අමතක වී ගිය බෑගයක් ඒ තුළ තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකය ද සමග සුරැකිව ඔහු වෙත යළි ලබාදීමේ සිදුවීමකි. දඹුල්ල සිට අකුරණ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ මගියෙකුට බෑගයක් අමතකවී ගිය බැස ගොස් තිබුණි. ඒ බෑගය තුළ තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකය ද තිබී ඇත. පසුව එම මුදල සහ ලැප්ටොප් පරිගණකය අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතරුව යළි ඔහුට භාරදීමට බස් රථයේ රියදුරු සහ සහායකයා කටයුතු කර තිබුණි.
රට තුළ ඩෙංගු ව්‍යාප්තිය උග්‍ර කරමින් වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඉන් අඩක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි. පවතින අධික වැස්ස සමග රටපුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි. වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47කි. සමස්ත රෝගීන්ගෙන් 46.4%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව රෝගීන් 16,948ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්, රෝගීන් 15,419 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ රෝගීන් 4,849ක් කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. රට පුරා දිස්ත්‍රික්ක රැසක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසයි. මතුවී ඇති එම අවදානම්සහගත තත්ත්වය…
සෙල්ලම් පිස්තෝලයක්ද රැගෙන ත්‍රිරෝද රථයක් කොල්ලකෑමට යතුරුපැදි දෙකකින් යමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු සේදවත්ත තොටළඟ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් කොල්ලකෑමට සූදානමින් සිටි ත්‍රිරෝද රථයේ රුපියල් කෝටියකට ආසන්න මුදල් සමඟ හෙරොයින් රැගෙන යමින් ඇති බවය. අත්අඩංගුවට ගත් සිව්දෙනා සන්තකයේ තිබී ව්‍යාජ යුද හමුදා නිල හැඳුනුම්පත් සහ නිල ලාංඡන, විවිධ ආරක්ෂක අංශයන් හි නිල ඇඳුමින් සැරසී ලබාගත් ඡායාරූප ඇතුළු භාණ්ඩකිහිපයක් තිබී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය. මෙම සැකකරුවන්ගෙන් ලැබුණු තොරතුරට අනුව ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකුද අත්අංගුවට ගෙන තිබිණි. ඒ හෙරොයින් ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 497…