Author: LFN
පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මේ හේතුවෙන් සියලුම රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ කොළඹ සිට ගමන් ගන්නා රථවාහන පාලටුව අන්තර් හුවමාරුවෙන් ද මත්තල සිට පැමිණෙන රථවාහන ගොඩගම හුවමාරුවෙන් ද පිටවීමට කටයුතු කරන ලෙසටය.
තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද දින (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැඟෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, මාතලේ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැක. යාපනය, වවුනියාව, කිලිනොච්චි, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටලයක සැකසහිත ලෙස රැඳීසිටියදී අත්අඩංගුවට ගත් තරුණයින් ට අද (13) ඇප නියම කර තිබේ. සැකකරුවන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස ඇප නියම කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස තරුණයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ රුපියල් කෝටි හතහමාරක මුදලක් නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් සමග හුවමාරු කිරීමට ගිය අවස්ථාවකදී බව අනාවරණය වී තිබුණි. සැකකරුවන් අද පසුගිය 08 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. චීන ජාතිකයන් පිරිසක් ගිනි අවි සමග කොළඹ 03 පිහිටි තරු පන්තියේ හෝටලයක රැඳී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතාට පෞද්ගලික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක නොකරන නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (13) අභියාචනධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකර ඇත. ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? දැනුම් දීම සඳහා ලබන 15 දා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.
අද (13) අලුයම 3ට පමණ රහසිගතව වෙළෙඳසැලකට ඇතුළුවූ පුද්ගලයෙකු ඊට ගිනිතබා පළාගොස් තිබුණි. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට එලෙස ගිනිතබා ඇති අතර ගින්නෙන් වෙළෙඳසැලේ අලෙවි කිරීම සඳහා තබා තිබූ භාණ්ඩ රැසක් විනාශවී තිබේ. ගාල්ල අක්මීමන පොලිස් වසමේ තලගහ දෙහිදුව හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙම සිද්ධිය ඇතිවී තිබුණි. ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගනන් බලා නොමැති අතර ගිනිතබන අයුරු වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් “විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගත් චීවරධාරියා අද (13) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බුදු දහමට නිගාවන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ නිකුත් කිරීම සම්බන්ධයෙන් “විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු වුණි. ඒ් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව අදාළ චීවරධාරියා ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ් කලගෙඩිහේන ප්‍රදේශයේදීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනයක් හෙට (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වව්නියාව, කිලිනොච්චි, මන්නාරම, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල…
පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත. එහිදි ජනාධිපතිවරයා පවසා සිටියේ, රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන් බවය. “මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. මේ අභියෝගය භාරගන්න හැමෝම…
මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට අසභ්‍ය හස්ත සංඥාවක් සිදුකළ බව කියන පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථයක රියදුරෙකි. පැමිණිලිකාර කාන්තාව සිය 10 හැවිරිදි දියණිය සමග විහාරමහා දේවී උද්‍යානය කරා යෑම සඳහා හයිලෙවල් මාර්ගය ඔස්සේ මෝටර් රථය ධාවනය කරමින් සිටියදී තිඹිරිගස්සයාය හැව්ලොක් පාර ඩික්මන් හන්දිය මාර්ග සංඥා අසලදී මෝටර් රථය නවතා ඇතැයි පොලීසිය කියයි. වාහන ඉදිරියට ධාවනය කිරීම සඳහා සංඥා ලැබීමත් සමගම ඇය සිය මෝටර් රථය බස් රථයට ඉස්සර කිරීමේදී ජනේලයෙන් දකුණු අත දමා එම හස්ත සංඥාව පෙන්වා තිබේ. අදාළ කාන්තාව ඒ සම්බන්ධයෙන්…