Author: LFN

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ 50,000කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අදාළ කාලය තුළ සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 11,442කි. රුසියාවෙන් සංචාරකයින් 8,004 දෙනෙකු ද බ්‍රිතාන්‍යයෙන් 5,991 දෙනෙකු ද ජර්මනියෙන් 5,336 දෙනෙකු ද චීනයෙන් 2,894 දෙනෙකු ද දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත. ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් දහතුන් ලක්ෂ තිස් හතර දහස් තුන්සිය හතළිස් පස් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

Read More

රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසයි. දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවද හෙතෙම සඳහන් කළේය. කතරගම මහා දේවාලයේ මුදල් හා රන් භාණ්ඩ ගැන මෙන්ම කපු මහතුන් සේවයට යොදා ගැනීමේ බලයද බස්නායක නිලමේවරයාට පැවැරෙන බවද හෙතෙම ‘අරුණ’කළ විමසුමේදී වැඩිදුරටත් පැවැසීය.

Read More

කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ ප්‍රධාන පාලකවරයාගේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරු අද (14) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය පැය දෙකකින් පමණ අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. සෞඛ්‍ය ලේකම්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණය ගත් බව එම සංගමය වැඩි දුරටත් කීය.

Read More

එක්සත් රාජධානියේ ලිවර්පූල් ප්‍රදේශයේ පිහි ඇනුමක් සිදුකර තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ තිදෙනෙක් ට පිහි ඇනුමක් සිදුකර ඇති බවත් ඉන් තිදෙනෙක් තුවාල ලබා ඇති බවය. ඒ අතුරින් 28 හැවිරිදි පුද්ගලයෙක්ව මියගොස් ඇති බව වාර්තා වෙයි. පසුව පොලීසිය විසින් එම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙක් ව අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගත් හෙරොයින් කිලෝ 107ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 1යි ග්‍රෑම් 104ක් විනාශ කිරීමට අධිකරණය මගින් නියෝග කර තිබේ. එම ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 09 දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් පසුගිය ඔක්තෝබර් 12 වනදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. එම නඩු භාණ්ඩ අද (14) උදෑසන පුත්තලම පාලවිය ප්‍රදේශයේදී දහනය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

Read More

2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81කි. ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි. සී. වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඒ අනුව 2024 වසරේ ජනවාරි 09 වනදා දක්වා සභාව කල්තබන බව කථානායවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුනි. පසුගිය නොවැම්බර් 13 වනදා අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නොවැම්බර් 21 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවත්වීමෙන් පසු එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණි. එහිදී අයවැයට පක්ෂව…

Read More

බොරැල්ල වෙස්ටන් රෝහලේ සභාපති වෛද්‍ය මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාට එරෙහිව අද (14) ආරම්භ කිරීමට නියමිතව තිබූ විනය පරීක්‍ෂණය පැවැත්වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය. මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකාවේ සිටින පුරෝගාමී වකුගඩු ශල්‍ය වෛද්‍යවරයෙකු බව සඳහන් කර සිටියේය. ඔහු විසින් පවත්වාගෙන යන බොරැල්ල වෙස්ටර්න් රෝහලේ සිදුකළ වකුගඩු ශල්‍යකර්ම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය…

Read More

දකුණු ආසියාවේ විශාලතම “වැට් බදු” වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් හා දඩ නියමවී සිටින ව්‍යපාරිකයින් තුන් දෙනෙකුගේ දඬුවම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත ඊයේ (13) දින ස්ථිර කෙරුණි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරුවන් කොට බරපතළ වැඩසහිත වසර 20 බැගින් සිරදඬුවම් සහ දඩ මුදල් නියමවී සිටී මොහොමඩ් සුබයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් මෙම තීන්දුවට එළඹුණි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු හා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්…

Read More

පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක කාන්තාවක් සහ වයස අවුරුදු 29ක පිරිමි පුද්ගලයෙකි. ඔවුන් නිත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවය ද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාම උපාධිධාරීන් වීම විශේෂත්වයකි. මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ඇති බවය. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ…

Read More

කහවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබියදී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. අදාළ කාන්තාව සහ ඇයගේ දියණිය එම නිවසේ වාසය කර ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත. ඇයගේ දියණිය රැකියාව සඳහා ගොස් නැවත නිවස වෙත පැමිණි අවස්ථාවේ නිවස පසුපස අදවැටී සිටි මව දැක ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More