Author: LFN

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක පරිදි සනත් ජයසූරිය වසරක කාලයක් සඳහා එම තනතුරට පත් කළ බවය. 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තමන් සහභාගීවු තරග 9න් තරග 7ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමටත් අපොහොසත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබු එවැනි පරාජයන් සමග ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුවට මෙන්ම පරිපාලනයටද දැඩි විරෝධය එල්ල වුණි. ඒ අනුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වසර දෙකක…

Read More

මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් එරටට අපනයනය කෙරෙමින් පවතින බවය. එසේ වුවත් මෙතෙක් වැවිලි බෝගයක් වශයෙන් නොව ගෙවතු වගාවක් ලෙස සිදු කෙරෙන තැඹිලි වගාව පළමුවරට අපනයනය ඉලක්ක කරගත් වගාවක් ලෙස වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඊයේ (14 ) පියවර ගත්තේය. ඒ අනුව ලංකාවේ ප්‍රථම තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස මුරුතවෙල ඉහළ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1,500ක් මෙම ප්‍රදේශයේ ගෙවතු…

Read More

මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔස්ට්‍රේලියානු ආයතනයකට කැබිනට් අනුමැතිය ලබාදීමෙන් ආණ්ඩුව දූෂිත ගනුදෙනුවක් සිදුකර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා අද එම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පළකළේය. මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් ගෲප් ආයතනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1727ක මුදලක් මෙරට ආයෝජනය කර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට…

Read More

බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසයි. පසුගිය නොවැම්බර් මස 28 වනදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර් තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත. එහිදී පළමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන් අතුරින් ජ්‍යේෂ්ඨතාව සහ කුසලතාවය මත වැඩිම ලකුණ ලබාගත් නිලධාරීන් 19 දෙනෙකු මෙලෙස ප්‍රධාන ජේලර් තනතුර සඳහා උසස් කර තිබේ.

Read More

බලපිටිය, හරස්පොළ මුහුදු තීරයේ ඊයේ අලුයම ඇති වූ සැඩ රළ පහරක් හේතුවෙන් වෙරළේ නවතා තිබූ බෝට්ටු රැසකට දැඩි හානි සිදුව තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඉන් බෝට්ටු 20කට පමණ හානි සිදුව ඇති බවය. බෝට්ටු 200ක් පමණ වෙරළේ නවතා තිබී ඇති අතර, ඒවා එකිනෙක ගැටීම හේතුවෙන් මෙලෙස බෝට්ටු කිහිපයකට හානි සිදුව තිබුණි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි පැය කිහිපයේ නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතින අතර ගතවූ පැය 24 තුළ මිලිමීටර් 90ක වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කුකුළේගඟ ප්‍රදේශයෙනි. පවතින අයහපත් කාලගුණයෙන් පවුල් 127කට…

Read More

අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ දත්ත පද්ධතියක් ස්ථාපිත කර තිබේ. පොලිස් මූලස්ථානයේදී අද මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම දත්ත පද්ධතිය හරහා දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් වහාම ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කිරීම, එම සැකකරුවන් පරීක්ෂා කිරීම සහ පෙර වැරදි හඳුනාගැනීමට සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම් පිළිබඳව පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා කොට්ඨාශ භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත උපදෙස් ලබාදීම සඳහා පොලිස් මූලස්ථානයේදී පැවති වැඩමුළුවක්…

Read More

කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණි. ඒ අදාළ නීති කෘත්‍යය ඊයේ කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. සිර දඬුවමට අමතරව රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක මූල්‍ය වන්දියක් සහ එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ දඩ මුදල්ද නියම කෙරුණි. කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුවේ කොටසක් කුරුණැගල නගර සභාව මඟින් ඩෝසර් කර විනාශ කරනු ලැබුවේ පසුගිය 2020 වසරේ ජූලි මස 14 වනදාය. එවකට මාධ්‍ය හමුවක් කැඳවමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව…

Read More

පුද්ගලයකුට පහරදී මේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති ඇතුළු තිදෙනකුට නියෝග කළේය.

Read More

2019 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කළ වැටලීමකින් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 107ක තොගයක් විනාශ කිරීම අද (04) සිදු කිරීමට නියමිතයි. එම හෙරොයින් ‘ඉන්සී’ සිමෙන්ති සමාගමට අයත් පුත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි උඳුන් තුළ දී දහනය කිරීම සිදු වනු ඇත. මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 107 දහනය කර විනාශ කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ සිට අද උදෑසන රැගෙන ගිය බව වාර්තා වේ. කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරන අවස්ථාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද යොදවා තිබුණු බව සඳහන්ය. මෙම හොරොයින් කිලෝග්‍රෑම් 107 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට පත්වන්නේ, 2019 වසරේ දී ය. එම කාර්යාංශය…

Read More

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාගේ ක්‍රියාකලාපය අධිකරණයට සැක සහිත බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (03) අවධාරණය කර තිබේ. එබැවින් මහජනතාවට බාල ඖෂධ ලබාදීමට එරෙහිව යුක්තිය පසිඳලීම සඳහා ඊට වගකිව යුතු සියලු පාර්ශ්ව තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත. එමෙන්ම ප්‍රශ්නගත සැපයුම්කරු වෛද්‍ය සැපයුම් අංශයට සැපයූ තවත් ඖෂධ 04ක් භාවිතයෙන් ඉවත් කරන ලෙස ද අධිකරණය විසින් වෛද්‍ය සැපයුම් අංශයට නියෝග කර තිබේ. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නීති…

Read More