Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට සිරදඬුවම්
    Featured

    රාජසභා මණ්ඩපය කැඩූ හිටපු නගරාධිපතිට සිරදඬුවම්

    By LFNDecember 15, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණි.

    ඒ අදාළ නීති කෘත්‍යය ඊයේ කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

    සිර දඬුවමට අමතරව රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක මූල්‍ය වන්දියක් සහ එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ දඩ මුදල්ද නියම කෙරුණි.

    කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුවේ කොටසක් කුරුණැගල නගර සභාව මඟින් ඩෝසර් කර විනාශ කරනු ලැබුවේ පසුගිය 2020 වසරේ ජූලි මස 14 වනදාය.

    එවකට මාධ්‍ය හමුවක් කැඳවමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ප්‍රකාශ කළේ ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිවෙන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමාට අවසර ලබා දුන් බවය.

    එවන් පසුබිමක අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලිසියට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබුණි.

    එම පැමිණිලිවලට අනුව විමර්ශන කටයුතු සිදුකළ පොලිසිය ඒ පිළිබඳව අධිකරණයටද කරුණු වාර්තා කළේය.

    එමෙන්ම ඓතිහාසික වටිනාකමින් යුත් මෙම ගොඩනැගිල්ල කඩාබිඳ දැමීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් කමිටුවක්ද පත්කෙරුණි.

    කමිටුවේ නිගමනය වී තිබුණේ අදාළ විනාශයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසය.

    එවන් පසුබිමක කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකළේය.

    ඒ අනුව අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණයේදී ඊයේ යළි කැඳවනු ලැබීය.

    එහිදී කුරුණැගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු එකී චෝදනාවට වරද පිළිගෙන තිබේ.

    මෙසේ දඬුවම් නියම කෙරුණේ කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සම්පත්, එහි හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, එහි හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරී අයි. සුල්තිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වන ලක්ෂ්මන් ප්‍රියන්ත යන විත්තිකරුවන්ටය.

    කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි මෙම ඓතිහාසික ගොඩනැගිල්ල 13වන සියවසේදී කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස සැලකෙනවා.

    මෙම ගොඩනැගිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.