Author: LFN
උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබේ. ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවය. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට සහ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව සඳහන්ය. එමෙන්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ද නව තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි. එහි උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමට නියමිතය. නව තේරීම් කමිටුවේ තීරණයට…
ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් දැනුම්දී ඇත්තේ මේ වනවිට ජලාශයේ වාන් දොරටු 6ම අඩියක් බැගින් විවෘත කර ඇති බවය. මේ හේතුවෙන් ජලාශයට පහළ කිරිඳි ඔය දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුම්දීමක් සිදුකර ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පාතාල ක්‍රියා සිදුවී ඇත්තේ පොලිස් වසම් 43ක් පමණක් බවත් මෙම වසරේ දත්ත විශ්ලේෂණය කිරීමේදී ඒ බව අනාවරණය වෙන බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඇල්පිටිය පොලිස් කොට්ඨාසයේ මහජන ආරක්ෂක වැඩමුළුවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේය. “පාතලේ නැතිකරන්න නම් පළාත් දෙකයි හදාගන්න ඕනේ. බස්නාහිර සහ දකුණු පළාත. ලංකාවේම පාතාල කාතාවක් නැහැ. පොලිස් වසම් 43ක පමණයි පාතාල ක්‍රියා සිදුවෙන්නේ. උදව් කරන්න… මාස කිහිපයකින් පාතාලය නැති කරන්නම්. පාතාලයට සම්බන්ධ වූ 1091 ක් ඉන්නවා. ඔවුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක් ඇති කරනවා. උදේ මිනී මරලා හවස ඩුබායි යනවා. මිනීමරුවෝ 23ක් ඩුබායිවල එකම මහල් නිවසක ඉන්නවා. ඔවුන්ව මෙරටට ගෙන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ජනවාරිවලින්…
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා හෙට (17) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජූනි 30 වනවිට රට තුළ සම්පූර්ණ වෙනසක් සිදුකිරීම සඳහා පොලීසියට කාලය ලබාදී ඇති බවය.
ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව අනාවරණය වී තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ, වෙළෙඳපොළේ පවතින ප්‍රමිතියෙන් තොර ආනයනික පාසල් උපකරණ හරහා එම තත්ත්වය මතු වී ඇති බවය. නීතියට පිටින් විවිධ ක්‍රම හරහා රට තුළට ගෙන එන ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ අද වන විට වෙළෙඳපොළ ආක්‍රමණය කර අවසන්ය. වෛද්‍යවරුන් පවසන්නේ පැන්සල් සහ පාට පැන්සල්වල ආලේප කර තිබෙන තීන්ත සහ මිනිරන් හෝ පාට පැන්සල් කූර ප්‍රමිතියෙන් යුක්ත නොවීමෙන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්විය හැකි බවය. දරුවන් ඒවා භාවිත කිරීමේදී මුඛයෙන් සැපීමකට ලක්කිරීම හරහා ඊයම් වැනි බැර ලෝහ ශරීරයට ඇතුළු වීමේ අවස්ථාව තිබේ. නමුත් අන්තර්ජාතික ප්‍රමිතියට අනුව දරුවන් භාවිත…
අද (16) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. උතුරු, උතුරු – මැද, නැඟෙනහිර, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ. වයඹ පළාතේ උදෑසන කාලයේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැඟෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම…
වැලිගම පොලිස් වසමේ නව ගාලුපාර ඉන්ධනහල ඉදිරිපිට පිහිටි මත්ස්‍ය වෙළෙඳසලක් අසල දී ඊයේ (15) වෙඩි තැබීමක් සිදු කර තිබේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බව සඳහන්ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරු කර යවා තිබේ. තුවාලකරුවන් වයස අවුරුදු 42 හා 52 යන වයස්වල පසු වන දෙණිපිටිය සහ වැලිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු බව සඳහන්ය. එක් තුවාලකරුවෙකු වෙඩි තැබීම සිදු වූ මත්ස්‍ය වෙළෙඳසලක හිමිකරුවකු වන අතර, අනෙක් පුද්ගලයා එම මත්ස්‍ය වෙළෙඳසලේ සේවකයෙකු බව අනාවරණය වී තිබේ. සැකකරුවන්…
2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථිකයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ.
නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව ඉදිරි පැය 24 තුළ මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන්ට මේ පිළිබඳ වඩාත් සැලිකිලිමත් වන ලෙස ද දැනුම් දෙයි. මේ අතර, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ.