Author: LFN

පාසල් අවට ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලුම ස්ථාන මීළග පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. කොළඹ වේලුවන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු එසේ පැවසීය. “හැම පාසලක් අවට මීටර් 500 සීමාවේ ඇති ළමයින්ට අහිතකර දේවල් අලෙවි කරන සියලු ස්ථාන නැවත පාසල් ආරම්භ කරනකොට තියන්න ඉඩ තියන්නේ නැහැ ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා අහිතකර දේවල් සියල්ල ඉවත් කරනවා”. ඒ අනුව එවැනි ස්ථාන මීළඟ පාසල් නිවාඩු කාලය තුළදී පරීක්ෂා කර ඉවත් කිරීමට පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනාවරණ කළේය.

Read More

වහාම මිහින්තලය පුද්බිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන මෙන් දැනුම්දෙමින් මහා නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම්දෙති.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන මහතා පවසයි. ඔහු එසේ පැවසුවේ ඊයේ (17) අයගම පැවති වැඩසටහනකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්මසේන මහතා පැවසුවේ වර්ථමානයේ පසුබෑමක් තිබුණ ද එය අනාගතයේදී යලි යථා තත්ත්වයට පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු වන බවය. “මම හිතන්නේ නම් සිලෙක්ෂන් කමිටි එකේ ඉන්න ඔළුගෙඩි ටික මරු කළා කියලා වෙනසක් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 3, 4කට පසුව සිලෙක්ෂන් කමිටි එකක් මාරු වුණාට කමන් නෑ. හැබැයි මම පෞද්ගලිකව හිතනවා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අවුරුදු 10ක. අපි කණ්ඩායමේ නායකයෙක්…

Read More

මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අද (18) දින ලිපියක් යොමු කරමින් රේණුක පෙරේරා මහතා මේ බව සඳහන් කර ඇත. 2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති පසුබිම තුළ ආයතනය ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තමා කාලය වැය කිරීම ඵලදායි නොවන බැවින් සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබිය දීත් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේණුක පෙරේරා මහතා මුදල් ලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ…

Read More

අතුරුදන්ව සිටි කුඩා දරුවෙකු වසර 6කට පසුව යළි හමුවූ සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස අතුරුදන්ව සිට යළි හමුවී ඇත්තේ එවකට 11 හැවිරිදි වියේ පසුවූ Alex Batty නමැති බ්‍රිතාන්‍ය ජාතික කුඩා දරුවෙකි. 2017 වර්ෂයේදී ප්‍රංශයේදී මෙම දරුවා අතුරුදන් ව තිබේ. Alex Batty මේ වනවිට 17 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සම්බන්ධයෙන් අදහස් දැක්වූ විමර්ශකයින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම දරුවා සිය මව සමග නිවාඩුවක් සඳහා ස්පාඤ්ඤයේ සංචාරයක නිරතවෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණදී ඇති බවය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය දිනක ප්‍රංශයේ Toulouse හි ප්‍රදේශයේ ඔහු තනිව ගමන්කරමින් සිටියදී හමුවූ මෝටර් රථ රියදුරෙකු මාර්ගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ…

Read More

වැල්ලම්පිටිය සහ මුල්ලේරියාව ප්‍රදේශවල පිහිටි නිවාසවලට සහ වෙළෙඳසැල් වෙත ඇතුළු වී භාණ්ඩ සොරකමේ නිරතවූ ‘සොඳුර’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි. සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 5847 ක් සමග කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී මෙම භාණ්ඩ සොරකම් පිළිබඳව හෙළිවී ඇත. එහිදී ඔහු සන්තකයේ තිබී ලක්ෂ 8කට ආසන්න භාණ්ඩ තොගයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. පොලීසිය පවසන්නේ රන් ආභරණ, විදුලි උපකරණ සහ බර ඔසවන ජැක් දෙකක් ඒ අතර ඇති බව පොලීසිය පවසයි. කොළඹ…

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව තිබේ. ජාඇල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ලද තොරතුරකට අනුව මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. මෙම කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 2කට පමණ ආසන්න බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් වන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘති සේවකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ. බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පිහි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ එක් සේවකයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසයි. තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලත් අනෙක් තුවාලකරු හබරණ රෝහලටත් ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය. එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. එසේම වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “රට බංකොළොත් වුණාට පසුව අපට කණ්ඩායම් දෙකක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණා. රටවල්…

Read More

අධික වැසි හේතුවෙන් ජලාශ රැසක් වාන් දැමීම නිසා ප්‍රදේශ ගණනාවක් මේ වන විට ජලයෙන් යටවී තිබේ. මේ අතර අයහපත් කාලගුණයෙන් මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල පවුල් 2142ක 6719 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මේ දිනවල පතිත වන අධික වැස්සෙන් දැනට වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී තිබේ. කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීමෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කණ්ඩාවලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටය. මුලතිව් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද ජල ගැලීම්වලින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි. මුලතිව්හි මුත්තියාන්කට්ටු ජලාශය ඇතුළු උතුරු පළාතේ වැව් රැසක්ද වාන් දමමින් ඇති බවට වාර්තාවෙයි. කිලිනොච්චි, පුදුමුරිප්පු ජලාශයේ ධාරිතාවය ඉහළ…

Read More