Author: LFN

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව වාර්තාවෙයි. වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත්කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙත දැනුම් දී ඇත. ඒ අනුව එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව ලැබී තිබේ. එම කමිටු නිර්දේශ මත පදනම්ව පහත සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

Read More

වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලතාවයකින් යුතු පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවය. එමඟින් ගොංෂු පළාතේ සහ කිංග්හායි පළාතේ ගොඩනැගිලි විනාශ වී තිබේ. භූ කම්පනයෙන් පුද්ගලයින් 222 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වන විට වාර්තා වේ.

Read More

ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණ වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා මේ බව පැවසීය. මේ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ බාල වයස්කාර ගැහැණු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බවය. පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තා වලට අනුව බාලවයස්කාර ගැහැණු දරුවන් 10 දෙනෙකු ගැබ් ගැනීමට ලක්ව ඇත.. වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තාවන බවද ජාතික ළමා ආරක්ෂක…

Read More

කාන්තා නේවාසිකාගාරයක දැරියන්ට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රිස්තියානි දේවගැතිවරයා ජනවාරි මස පළමු වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකාර දේවගැතිවරයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන් පිරිසකට ලිංගික අතවර කළ බව කියන 63 හැවිරිදි ක්‍රිස්තියානි දේවගැතිවරයෙකු කිරුළපන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර දේවගැතිවරයා තමන්ට අතවර කළ බවට වැල්ලවත්තේ ප්‍රසිද්ධ පාසලක දැරියක් විදුහල්පතිනියට කළ දැනුම්දීමකින් පසුව සිදුකළ විමර්ශනයකදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. රැකියාවක නිරත 23 හැවිරිදි තරුණියක් සහ වයස අවුරුදු 11ත් 18ත් අතර පාසල් සිසුවියන් 8 දෙනෙක් එම නේවාසිකාගාරයේ රැදී සිටින බවත්, ඔවුන්ගෙන් 6…

Read More

දැරියක් කෲරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දරුකමට හදාගත් වයස අවුරුදු පහමාරක දැරිය මෙලෙස එම කථිකාචාර්වරයා කෲරත්වයට පත්කර ඇති බව හෙළිවී ඇත. අදාළ කථිකාචාර්වරයා සිය නිල නිවසේදී දැරියට විවිධ හිංසා සිදුකර ඇති බවට පසුගිය සිකුරාදා පොලීසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව දැරිය එදිනම පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ. වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දැරිය කෲරත්වයට සහ විවිධ හිංසනයන්ටද ලක්ව ඇති බවය.

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ලේකම්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් උතුරු පළාතේ නවදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය ජලගැලීම්වලින් අවහිර වී ඇති බැවින් වන්දනාගමන් නොපැමිණෙන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී තිබේ. උතුරු නැගෙනහිර මෝසම් වර්ෂාව සක්‍රියවීමත් සමඟ ගෙවුණු පැය 24දීත් එම පළාත්වලට තද වැසි ඇදහැලුණි. මේ අතර පදවිය ජලාශය වාන් දැමීම නිසා මොරඔය සහ වැලිඇළ පිටාරයාමෙන් වෙහෙරතැන්න, බෝගස්වැව, සැළලිහිණිගම, නාමල්වැව, නන්දිමිත්‍රගම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට තවදුරටත් වැසි ඇතිවිය හැකි බවය.

Read More

පාසල් සිසුවියන් සහ උසස් අධ්‍යාපනය හදාරණ තරුණියන් රැසක් දූෂණය කර එම අවස්ථා අසභ්‍ය චිත්‍රපට ලෙස රූගත කර අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකි. 15 හැවිරිදි පාසල් සිසුවියක් සහ ඇයගේ මව විසින් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර සිසුන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු සමග අදාළ පාසල් සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවය. ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යන කාලයේදී අදාළ සිසුවියගේ නිවස තුළදී අවස්ථා කිහිපයකදීම එම සිසුවා විසින්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (18) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරළිකාර විජයග්‍රාහී තැනකට ඔසවා තැබීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවට සැකයක් නැති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මෙන්ම නව ක්‍රිකට් තේරීම් සාමාජිකයින් ඊට එක්ව සිටියහ.

Read More