Author: LFN
ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක විකාශය කළ රියැලිටි තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ. ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගය අද පැවතියේය. එම තරගාවලියේ කිරුළ දිනාගැනීමට සමත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා යි. තරගාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමිවනු ඇත.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදෙශ රැසක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටී. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර මහතා පැවසුවේ පවුල් 253 ක පුද්ගලයන් 891 ක් හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට ලක්ව ඇති බවය. ආපදාවට පත්ව ඇති පුද්ගලයින් සඳහා කඩිනම් සහන සැපයීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. ආපදා තත්ත්වය සමග තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්ලගල, මැදවැලෑන, සේනපුර, රබර්වත්ත, ගැමුණුපුර සහ යෝධ කණ්ඩිය ග්‍රාම සේවා වසම්වල ජනතාව පීඩාවට පත්ව සිටී. එසේම සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහගජදුර සහ රන්මුදුවැව ග්‍රාම සේවා වසම් සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියන්ගස්තොට සහ බෝලාන දකුණ ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්‍රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන කුඩු ජාලයේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මාතර පොලිස් කොට්ඨාසයේ පැවති වැඩසටහනක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසුගිය අරගල සමයේ අරගල කරුවන් සමග ගැටෙමින් සිටි බැවින් පොලීසියට මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාලයක් නොතිබුණ බවත් මේ හේතුවෙන් එම ක්‍රියාකාරකම් රට තුල වර්ධනය වූ බවත්ය.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් හේතුවෙන් ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බවට තමාට නිරීක්ෂණය වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේය. වසර 03ක් නතර වී තිබූ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (18) සිට යළි ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පවසයි. මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කෙරෙන බව උපකුලපතිවරිය පැවසීය. ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 05 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා තාවකාලිකව වසා දැමිණි.
මීට මාස කිහිපයකට පෙර අමෙරිකාවෙන් සහ චීනයෙන් හමුවූ කොවිඩ් -19 උප ප්‍රභේදයක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබේ. පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ යෑමත් සමග සිදුකළ පරීක්ෂාවකදී JN.1 නම් එම කොවිඩ් – 19 උප ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හමුවූ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. ඒ හේතුවෙන් එම ප්‍රාන්තය තුළ සෞඛ්‍ය අංශ දැඩි සැලකිල්ලෙන් පසුවන බවද ‘ද හින්දු’ පුවත්පත සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.
බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් අද (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිත බවද ඔහු සඳහන් කළේය. එම බිත්තර ද පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමෙන් අනතුරුව වෙළෙඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකත්වයට පත්වන පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ මීළග නායකයා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන අර්. සම්බන්ධන් මහතා පක්ෂ නායකත්වයෙන් සහ දේශපාලනයෙන් සමුගන්නා බවට සිදුකර ඇති ප්‍රකාශයක් සමග තමිල් අරුසුකච්චි නායකයා සන්ධානයේ නායකයා වනු ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් තමිල් අරුසුකච්චි නායකත්වයට අයදුම්පත් 03ක් ඉදිරිපත් වීමත් සමග මේ වනවිට කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව වාර්තා වෙයි. තමිල් අරුසු නායකත්වය සඳහා එම්. ඒ සුමන්තිරන් සහ එස්. ශ්‍රීධරන් යන මහත්වරුන් නාමයෝජනා භාරදී තිබුණ ද මේ වනවිට නැගෙනහිර පළාත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් මහතා ද නාමයෝජනා භාරදී තිබේ. කෙසේ වෙතත් එළඹෙන…
අනාගතය කෙරෙහි විශ්වාසයක් නොමැතිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පමණ පසුගිය සමයේ සියදිවි හානි කරගෙන ඇති බව මල්වතු අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති. ගම්පහ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පෙන්වා දෙන්නේ අද අධ්‍යාපනය හදාරන දරුවන් පවා විවිධ පීඩනයන්ට ලක්වී සිටින බවය. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ නාහිමියෝ මෙසේද පැවසීය, “පවතින ක්‍රමය මත අනාගතය පිළිබඳ විශ්වාසය නොමැතිව ඒ අය මානසික ආතතියට පත්වෙනවා. මේක ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයක්. අද රටේ ආර්ථික ගැටලු බොහෝමයි. අපිට පන්සලක්වත් පවත්වාගෙන යන්න බැහැ.. විදුලි බිල ඇතුළු අනෙකුත් ආර්ථික ප්‍රශ්න නිසා. ආගමික උත්සවයක්වත් නිසියාකාරව කරන්න විදියක් නෑ. ජනවාරි මාසයේ සිට…