Author: LFN

අරගල සමයේ තම පාක්ෂිකයන්ට සිදුවූ හානි පිළිබඳව විශේෂ කොමිෂන් සභාවක් පත්කර විමර්ශනයක් සිදුකළ යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. උදාවන නව වසර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මෙහෙයුම එළිදක්වන ”ආයුබෝවන් 2024” විශේෂ මහා සම්මේලනය ඊයේ (15) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති අතර එයට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග පස්වරු 3.30ට සම්මේලනය ආරම්භ වූ අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායකත්වයට ඒකමතිකව පත්කෙරුණි. ඒ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

Read More

මිහින්තලාවේ ආරක්ෂාවට පොලීසිය පමණක් ප්‍රමාණවත් නොවන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති. මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ඊයේ (15) බැහැදුටු අවස්ථාවේ දී උන්වහන්සේ සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව දිගින් දිගටම සම්බුද්ධ ශාසනයෙන් පළිගනිමින් සිටින බවයි. සම්බුද්ධ ශාසනයට සහ මහ සඟරුවනට විවිධ පාර්ශවවලින් අභියෝග එල්ල වන බව පවසමින් ඒ පිළිබඳ මහ නාහිමිවරු දැනුම්වත් කිරීමට මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අද පෙවරුවේ මහනුවරට වැඩම කළහ. උන්වහන්සේ පළමුව මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් සම්මුඛ වූ අතර, පසු ව මිහින්තලා විහාරාධිපති හිමියන් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් ද හමු වූහ.

Read More

ඉහළ පෙළේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් හෝර්ටන් තැන්න ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ, ඊයේ (15) පෙරවරුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා, එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර, අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවට…

Read More

ක්‍රිකට් වංචා දූෂණ මෙන්ම රටේ වංචා දූෂණ ද ඉදිරි ජනාධිපතිවරණයෙන් හෝ අවසන් විය යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියාසිටියේ මහනුවර මල්වතු හා අස්ගිරි විහාරස්ථාන වෙත ඊයේ (15) පැමිණි අවස්ථාවේදී ය. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වය පිළිබඳවත් ඔහු මෙහිදී ඉඟි පළ කළේය. ප්‍රශ්නය – ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණයෙන් මුදාගැනීමේ මෙහෙයුම අත්හැරල ද? “කවුද කිව්වේ? මම උපරිම උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් මේක ජනාධිපතිවරයෙන් හරි අවසන් කරනවා. ජනාධිපතිවරණයෙන් ක්‍රීඩාවේ දුෂණ විතරක් නෙමෙයි අනෙක් දුෂණත් නතර වෙන්න ඕනේ…” ප්‍රශ්නය – සියලු පක්ෂ එකතුවෙලා 2024 දී ඔබතුමාට කියනවා පොදු අපේක්ෂකයා විදියට ඉස්සරහට එන්න කියලා. ඔබතුමා භාරගන්නවා…

Read More

දෙමළ ජාතික පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ඇතුළත් වීමට යෑමේ දී මාර්ගය අවහිර කළ ගම්මු හූ කියා මන්ත්‍රීවරයා පළවා හැරියේය. මන්ත්‍රිවරයා එන බවට සැලවූ වහාම දිවුලපොතාන ගම්මු ඊට විරෝධය පල කරමින් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණහ. මෙම විරෝධයට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටියහ. එම ස්ථානයට කරදිය නාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී තිබිණි. ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණි ඇති බවට ගම්වාසීන් චෝදනා කළහ. වසර ගණනාවක සිට හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය තමන්…

Read More

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි. ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර ග්‍රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් අඩුකර තිබේ. දේශීය ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 20කින් මිල අඩුකර ඇත. අනයනික සහ දේශීය අල මිල රුපියල් 15කින් අඩුකර තිබේ. රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝ එකක මිල රුපියල් 15කින් සහ රුපියල් 05කින් අඩුකර ඇත. කඩල කිලෝවක…

Read More

හංවැල්ල තුම්මෝදර මංසන්ධිය ආසන්නයේදී ඇඟලුම් බස් රථයක රියදුරෙකු අද (15) උදෑසන කපාකොටා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා අද උදෑසන 5.55ට පමණ බුදුන් වැඳීම සඳහා මල්කඩීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණදී ඇති බව හංවැල්ල පොලීසිය පවසයි. මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරු යන දෙදෙනාම එකම කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ ගැටුමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය. ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වග දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගී පළායන අවස්ථාවේදී මීගොඩ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසියට බාරදී තිබේ. සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු…

Read More

රාගම වල්පොල ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුවී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රාගම රෝහලට ඇතුළත් කර ඇති බවය. තුවාල ලැබූවන් අතර 17 හැවිරිදි තරුණයෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වන බවද වාර්තා වෙයි.

Read More

ප්‍රදේශ රැසකට අද (15) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි. වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල අද සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දකුණ, ඌව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ද ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින්…

Read More

පොලීසිය බව හඟවමින් රාත්‍රී කාලයේදී මාර්ග බාධකයක් යොදා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නිරතවී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් අදාළ පුද්ගලයින් මෙම ක්‍රියාව සිදුකර ඇත. ඒ, කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා ගනිමිනි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව පොලීසිය විසිනි. එම සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත. ත්‍රීරෝද රථයකින් රාත්‍රියේ ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මඩපාත සර්වෝදය මාවතේ කෙළවරට වන්නට පිරිසක් රැඳී සිටින අයුරු දැක තිබුණි. ඔවුන් එම ස්ථානයට ළඟාවීමත් සමගම එහි සිටි පුද්ගලයින් තිදෙනා පළාගොස් තිබේ. එහිදී වහා ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් පළායමින් සිටි පුද්ගලයන් තිදෙනා පසුපස…

Read More