Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට දිවුලපොතාන ගම්මු හූ කියා පන්නයි…… vedio
    Featured

    ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට දිවුලපොතාන ගම්මු හූ කියා පන්නයි…… vedio

    By LFNDecember 15, 2023No Comments2 Mins Read35 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙමළ ජාතික පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ඇතුළත් වීමට යෑමේ දී මාර්ගය අවහිර කළ ගම්මු හූ කියා මන්ත්‍රීවරයා පළවා හැරියේය.

    මන්ත්‍රිවරයා එන බවට සැලවූ වහාම දිවුලපොතාන ගම්මු ඊට විරෝධය පල කරමින් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණහ.
    මෙම විරෝධයට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    එම ස්ථානයට කරදිය නාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී තිබිණි.

    ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණි ඇති බවට ගම්වාසීන් චෝදනා කළහ.
    වසර ගණනාවක සිට හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය තමන් එම ඉඩම් වලින් පලවා ක්‍රියා කරමින් සිටින බව මහවැලි බී කලාපයේ මාදුරුඔය දිවුලපතාන ගම්වාසීන් චෝදනා කරන්නේ සෑහෙන දවස සිටය.

    යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමන් දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, මාවනාවෙල, හේනානිගල, රතුගල, දඹාන, රත්කිඳ, ඇතුළු ප්‍රදේශවලින් පැමිණ 2009 සිට වර්ෂා ජලයෙන් හේන්වගාව නිදහසේ සිදුකරගෙන ගියද එය වළක්වා තමුන් වගා බිම් වලින් පන්නා දැමීමට කටයුතු කරන බව එම ගොවීහු කීහ.

    නැගෙනහිර පළාතේ කිරි ගවයින් මෙම භූමියට නිදහස් කිරීමේ අරමුණින් දේශපාලකයින් පිරිසක් කටයුතු කරන බවද 1983 වර්ෂයේ පැවති යුදමය වාතාවරණය සමග ප්‍රදේශයේ පාරම්පරික හේන් වගාවේ නිරත පවුල් 1800 කට වැඩි පිරිසක් විවිධ පළාත්වලට විසිරී ගොස් නැවත සිය බිම් කරා පැමිණියේ 2009 වසරේ බවද ඔවුහු කීහ.

    https://lankafocusnews.com/wp-content/uploads/2023/12/WhatsApp-Video-2023-12-15-at-14.35.56_ce289e40.mp4
    https://lankafocusnews.com/wp-content/uploads/2023/12/WhatsApp-Video-2023-12-15-at-14.35.55_b8cf1c6d.mp4
    https://lankafocusnews.com/wp-content/uploads/2023/12/WhatsApp-Video-2023-12-15-at-2.35.57-PM.mp4
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.