Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මහින්ද ශක්තිය පෙන්වයි
    Hot News

    මහින්ද ශක්තිය පෙන්වයි

    By LFNDecember 16, 2023No Comments3 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරගල සමයේ තම පාක්ෂිකයන්ට සිදුවූ හානි පිළිබඳව විශේෂ කොමිෂන් සභාවක් පත්කර විමර්ශනයක් සිදුකළ යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    උදාවන නව වසර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මෙහෙයුම එළිදක්වන ”ආයුබෝවන් 2024” විශේෂ මහා සම්මේලනය ඊයේ (15) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති අතර එයට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග පස්වරු 3.30ට සම්මේලනය ආරම්භ වූ අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නායකත්වයට ඒකමතිකව පත්කෙරුණි.

    ඒ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ද සහභාගි වී සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

    “ඔබ සියලුදෙනා තමා අපේ පක්ෂයේ ශක්තිය. ශක්තිය ඔබයි. දැන් බලන්න අපේ සම්මේලනය තියෙනවා කිව්වහම සමාජ මාධ්‍ය යොදාගෙන ඇති තරම් මඩ ගැහුවා. ඒ ගහපු මඩවලට ඔබ තමුන්නාන්සේලා හොඳ පණිවුඩයක් මුළු රටටම දීලා තියෙනවා. හොඳට මතක තියා ගන්න. අපි 2005 දී මේ රට භාරගන්න කොටත් අපිට මඩගැහුවා. ඔබ දන්නවා 30 අවුරුදු යුද්ධයේ දී මේ රටේ කිසිම නායකයෙක්ට ප්‍රභාකරන් එක්ක මුහුණට මුහුණ යුද්ධ කරන්න බැරි වුණා. සමහර නායකයෝ යුද්ධය නවත්වන්න ප්‍රභාකරන්ට ආයුධ පවා දුන්නා. මතකද ? මම අහන්නේ නෑ කවුද කියලා. යුද්ධයක් ගැන මතකයක් නැති දරුවන් අද සමාජගත වෙමින් ඉන්නවා. හැබැයි මේ දරුවෝ රවට්ටගෙන තමන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාගන්න උත්සාහ කරන පිරිසකුත් දැන් ඉන්නවා. මේ තොරතුරු දන්නේ නැති පිරිසක් තමයි කයිය නායකලා මඟ යමින් ඒ කණ්ඩායමට අහුවෙලා බොරු ප්‍රචාර කරනවා. එයාලා හැමදාම කළේ විවේචන විතරයි. වැඩක් නෑ. වැඩක් නෑ නෙමෙයි වැඩ බෑ. එක දෙයක් එයාලට හොඳට පුළුවන්. එයාලට හොඳට ගිනි තියන්න පුළුවන්. ගිනි තියන්න පුළුවන් වුණාට ගිනි නිවන්න බෑ. ගස් නගින පූස් පැටව් වගේ. ගහට නගිනවා. ගහෙන් බහින්න බෑ. 2015 දී රටේ ඇතැම් පිරිසකට වෙනසක් ඕන වුණා. ඒ වෙනස කරපු දේ තමයි ආර්ථික වේගය ඍණ 0.2 වෙනකල්ම පල්ලම් බැස්සුවා. අපි කවුරුත් නොසිතූ ලෙස කොවිඩ් ආවේ එලෙස බිඳ වැටුණු ආර්ථික පසුබිමක් තිබුණු රටකට. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක නවත්තපු අපි කොවිඩ්වලින් මිනිස්සු මැරෙන එක නවත්වන්න වැඩකරා කියන එක ඔබට මතක ඇති. ඒ අභියෝගය අත්නොහැර හිටපු වෙලාවක තමා අර ජනතාව කුපිත කරපු ව්‍යාපාර ආරම්භ වුණේ. එතැන් පටන් සිද්ධ වුණ දේවල් ඔබ තමුන්නාන්සේලා දන්නවා. ඒ නිසා බොරුව ජනගත කරන්න උත්සාහ කරන කණ්ඩායම හමුවේ අපි තවත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නෑ. සමහරු අච මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා ඔබලා දන්නවා. සමහරු බලය ගන්න කලින්ම සූට් මහලා. ඒ සූට් මහලා ඉන්න කවුරුත් රට අමාරුවේ වැටුණ වෙලාවේ. සූට් එක ඇන්දේ නෑ. එහෙම නායකයන්ට රට භාරදෙන්න ඔබ සුදානම්ද? ඒ නිසා මොන බලවේග ආවත් හෙට දවසෙත් රටේ ප්‍රබලම බලවේගය අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා විශ්වාසයෙන් කියනවා. එදා අරගලයට මුවා වෙලා අපේ පාක්ෂිකයන්ට ඇතැමෙක් හිරිහැර කළා. අපේ මන්ත්‍රීවරයෙක් මහ මඟ මරා දැම්මා. හරි නම් මේවට කොමිසමක් පත් කරලා විමර්ශන කරන්න ඕනේ. මේ ප්‍රශ්න අපි අනාගතේ දවසක සාධාරණව විසඳාගන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.