Author: LFN

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී ගෙවුණු දින හතර තුළ මත්කුඩු සමඟ සැකකරුවන් හයදහස් පන්සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, මත් ජාවාරම්වලින් උපයා ගත් මුදල් භාවිත කර මිලට ගත් රුපියල් කෝටි එකොළහ හමාරකට අධික වටිනාකමින් යුතු දේපොළ ඊයේ සිදු කළ මෙහෙයුම්වල දී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට පවරා ගැනිණි. පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ අරමුණෙන් පසුගිය ඉරිදා ආරම්භ කෙරුණු ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම සිව් වන දිනටත් ඊයේ ක්‍රියාත්මක විය. ආමි අසංක හෙවත් කුඩු අසංකට අයත් රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් දේපොළ තොගයක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින්…

Read More

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. ඒ අනුව IMF වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකය, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එක්සත් ජනපද ඩොලර් මිලියන 787ක් වන මෙම මූල්‍ය පහසුකම් හරහා අයවැය ශක්තිමත් කිරීම සහ රටේ විදේශ සංචිත වැඩිදියුණු කිරීම අරමුණු කරයි. මේ අතර මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රටට ගලාඒමත් සමග එය රටේ විදේශ සංචිත ශක්තිමත් කරන…

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය වුවහොත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ සිදුකෙරෙන විමර්ශනවලට කිසිදු පාර්ශ්වයකින් මේ දක්වා බාධා එල්ලවී නොමැති බවය. මේ අතර මෙම වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගතයුතු බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ කටයුතු ක්‍රමානුකූලව නිවැරදි වෙමින්…

Read More

ඉන්දියාවට පළා ගොස් සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දිනමුල්ල කංකානම්ගේ නලින් චතුරංග’ නොහොත් ‘ලඩියා’ නැමැත්තාට අයත් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා සුඛෝභෝගී බස් රථ දෙකක් සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ යුක්තිය මෙහෙයුමට සමගාමී ව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අදාළ බස් රථ දෙකට තහනම් නියෝගය ලබා ගත් බව පොලීසිය පවසයි. මොහු, සමයන් නැමැති පාතාල නායකයා ඝාතනය කිරීම සඳහා කළුතර එතනමඬල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රධාන සැකකරුවෙකි. ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන හෝමාගම සහ අතුරුගිරිය ප්‍රදේශයේ ඔහුගේ මිතුරන් දෙදෙනකුගේ නමින් 2019 වසරේ…

Read More

කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අළුබෝමුල්ල පොලීසිය සඳහන් කළේ “අළුබෝමුල්ලේ පිංකි” නමැත්තා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුබෝමුල්ල මහාබෙල්ලන, බණ්ඩාරගම, රඹුක්කන පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකි. ප්‍රධාන සැකකරු කිසිදු රැකියාවක් නොමැතිව සුඛෝපභෝගී නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථ රැසක් භාවිත කරමින් සුපිරි ජීවිතයක් ගත කරන බවත් තෙමහල් ගොඩනැගිලි ඇතුළු දේපොළ රැසක හිමිකරුවෙකු බවට ලද තොරතුරු මත අළුබෝමුල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාට සැකසිතී විමර්ශන ක්‍රියාත්මක කර තිබුණි. ඒ අනුව සැකකරු පොලීසියට ගෙන්වා පැය 02ක පමණ කාලයක් ප්‍රශ්න කරමින් සිටියදී…

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ලෝක බැංකුව පවසයි. එය සලකා බලා “Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation” යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ. අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “RESET DPO”, වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය ලැබුණි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ජනවාරි 01 වනදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දෙසැම්බර් 27 වනදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එම සංගමය පෙන්වා දෙයි. 2022 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු 1700කට අධික වෛද්‍යවරුන් පිරිසක් රටට අහිමිවී ඇති අතර තවත් 5,000කට වැඩි වෛද්‍යවරුන් පිරිසක් නුදුරේදීම රට හැර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වෛද්‍ය හිඟය හේතුවෙන් කුඩා රෝහල් 20කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී…

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවය. “එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුවෙලා මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනියන්නේ. ඒ වගේම රටේ ලේසි ගමනක් නෙමෙයි යන්නේ. අඳුරු ගමනක්. එසේ වුවත් යම් විදියේ ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් යනවා. ජනතාවට සම්පූර්ණයෙන්ම සහාය ලැබිලා නැති වුණාට තිබුණ ආගාධයෙන් ගොඩ ඇවිල්ලා මේක සුරක්ෂිත කරලා ඉදිරියට කටයුතු කරන එක තමා අපිට පේන්න තියෙන්නේ. 2024 ජනතාවටත් රටට සුබදායි වසරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.” ප්‍රශ්නය – ජනාධිපතිවරණයට කවුද අපේක්ෂයා…

Read More

පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලකම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසයි. දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහ සම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරයි. “අවුරුද්දක් පටන් ගන්නකෝට අඩුම තරමේ පන්තියක් ගාණේ ශ්‍රේණියක් ගාණේ දෙමාපියන්ට එන්නැයි කියලා ඒ දරුවෝ ටික පන්තිභාර ගරුතුමිය, යම් පැහැදිලි කිරීමක් කරනවා. අවුරුද්දේ වැඩපිළිවෙල, දරුවන්ගේ විනය ගැන, ඒවා ආරක්ෂා කරගන්නේ කොහොමද කියල අවබෝධයක් දෙනවා. අපි චක්‍රලේඛය සංශෝධනය කරනවා. පෙබරවාරි 19 පටන් ගත්තාහම අනිවාර්යයෙන්ම රජයේ පාසල් හැමඑකකම පන්ති කව පවත්වන්න ඕනේ පළමු සතිය දෙක ඇතුළත. වාරයක් අවසන් වෙද්දි සාමාන්‍යයෙන් තියෙනවා. වර්ෂ අවසාන වෙද්දි තව…

Read More

පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (20) සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

Read More