Author: LFN
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ. අද (22) උදෑසන එම පත්කිරීම් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසයී. අදාළ පත්වීම් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද (22) සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටවයන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් හා දුම්රිය සේවාවන් අද සිට ක්‍රියාත්මක බව එම අමාත්‍යංශය පැවසීය. ඒ අනුව අද සිට දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් යෙදවීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) සිට ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය. මේ අතර කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය…
කුවේට් රාජ්‍යයේ නව නායකත්වය යටතේ සිය ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වෙන බව ඉන්දියාව පවසයි. ඉන්දියාව ඒ බව පවසා තිබුණේ පසුගියදා කුවේට් රාජ්‍යයේ නව එමීර්වරයා ලෙස ශෙයික්හ් මිශාල් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් පත්වූ පසුබිමක් තුළය. කුවේට් රාජ්‍යයේ නායකයා ලෙස කටයුතු කළ නවාෆ් අල්-අහමද් අල්-ජාබේර් අල්-සබාහ් පසුගියදා මිය යෑමෙන් පසුව මෙම නව නායකයා පත්වුණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද පවසා ඇත්තේ ඉදිරියේදී ඉන්දියාව සහ කුවේටය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවය. කුවේටයේ සිටින ඉන්දීය ප්‍රජාව තවදුරටත් වර්ධනය වනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව පවසා ඇත්තේ…
සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිය ග්‍රහණයට ගෙන ඇතැයි පසුගියදා වාර්තා විය. ඔවුන් මේ වනවිටත් මියන්මාරයේ සයිබර් අපරාධ කලාපය වන මියාවාඩි හි ත්‍රස්ත කඳවුරක බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවය ලබාගන්නා බව අනාවරණ වී තිබේ. එවන් පසුබිමක මේ සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ මූලිකත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ. ඊට මෙරට මියන්මාර තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු සහ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් පස් දෙනෙකුගේ මව්පියන්ද එක්ව සිට ඇත. මෙහිදී ඥාතීන් අනාවරණ කළේ අත්අඩංගුවට පත් පිරිස මියන්මාරය වෙත ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා බවය. මාර්ගගත ක්‍රමවේද සහ…
කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර තිබේ. ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මෙලෙස ඔහුට තර්ජනය කර කප්පම් ඉල්ලා ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය එම තර්ජනයට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ කුඩාබුත්ගමුව, අංගොඩ යන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් බවට වාර්තා වෙයි. සැකකරු විදේශ රටක සිටින ඔහුගේ ඥාති පුත්‍රයෙකු ලවා මෙම මරණ තර්ජන සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.
ඊයේ (21) උදෑසන කළුතර හා ඒ අවට ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණු අතර එහිදී හදුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන නිවාස හා අවට ප්‍රදේශ දැඩි පරීක්ෂාවට ලක්කර ඇත. කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් වැටලීමේදී එම නිවසේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් පොලීසිය දැක පළාගොස් ඇති අතර පොලීසිය විසින් පසුව ඔවුන් ලුහුබැඳගොස් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව අදාළ නිවස පරීක්ෂා කිරීමේදී දෙඅත් ගැටගසා තියුණු ආයුධ වලින් අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයෙක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත. පසුව තරුණයාට පහරදුන් පුද්ගලයින් 7 දෙනෙක් එම නිවසේදීම අත්අඩංගුවට ගෙන ඇත. එසේම එහිදී අදාළ තරුණයාට පහරදුන් තියුණු ආයුධ 3ක්, හදුනා නොගත් මත් කරල්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ද ඔවුන් සන්තකයේ තිබියදී…
මොරගහහේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 24 හැවිරිදි චමෝද් ධනංජය නැමැත්තාව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී තෙමහල් නිවස සහ රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුත් මෝටර්රථය සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය යටතේ විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය. මේ අතර වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන හනීෆා ලාෆීර් නොහොත් ලාෆීර් නැමැත්තාවත් ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3ක්, රුපියල් ලක්ෂ 120ක් වටිනා මෝටර් රථයක් සමග සිය භාරයට ගත්බව පොලීසිය සඳහන් කළේය. මේ අතර දීර්ඝ කාලයක…
නීතිවිරෝධී ලෙස වේදනානාශක වර්ග අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි නාවල ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක සිසුන් දෙදෙනෙක් ආමර්වීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 24 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි. දිවයින පුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම අතරතුරදී මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නමින් ව්‍යාජ මුද්‍රාවක් හා සායන මගින් රෝගීන් සඳහා නිකුත් කරන පොතක් සකස් කර, වේදනා නාශක බෙහෙත් වර්ග වෛද්‍යවරයා සටහන් කරන ආකාරයට සටහන් කර ඔසුසැල්වලින් ලබා ගෙන පසුව ඒවා අලෙවි කළ බව අනාවරණය වී තිබේ.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ඒ, මත්ද්‍රව්‍ය වැටලීමකදී ඔහු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තාවීමත් සමගය. සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ සමගි ජන බලවේගය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටත් දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමටත් තීරණය කර ඇත. පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 22 වනදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම තීරණ ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවය.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවජ ජනතාවගෙන් ඉල්ලා සිටි.