Author: LFN

කන්තලේ-අග්බෝපුර කෙටි මාර්ගයේ ගිනිපෙට්ටි පාලම අසළදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ. මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාවත් සමග කන්තලේ වැවේ ජල මට්ටම ඉහළයාමත් සමග වාන් දොරටු හරහා වැඩි ජල ප්‍රමාණයක් මුදාහැරෙමින් පවතී. මේ හේතුවෙන් ගිනිපෙට්ටි පාලම අසළින් අදාළ මාර්ගය ජලයෙන් යටවී ඇති අවස්ථාවක ඒ හරහා ගමන්කිරීමට උත්සාහ කළ තිදෙනෙකු මෙලෙස සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ. කෙසේ වෙතත් ඔවුන් එම ස්ථානයේ පිහිටි ගසක් අල්ලාගෙන එහි රැඳී සිට ඇති අතර පසුව කන්තලේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැවේ වාන් දොරටු වසා දමා ඔවුන් බේරාගැනීමට කටයුතු කර ඇත. කන්තලේ ගොවිපොළේ සේවයේ නිරතව සිය නිවෙස් බලා යමින් සිටි කාන්තාවන්…

Read More

වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය. එසේම අදාළ පොලිස් නිලධාරියාට පොලීසිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග කිරීමට ද තීරණය කර ඇත. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඊට අමතරව ඔහුට හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය මගින් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවය. වැටලීමක් අතරතුරදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව මෙලෙස අවාසනාවන්ත ලෙස මියගියේය.

Read More

ත්‍රිකුණාමලය නගරයේ ඇතුල් වරාය මාර්ගයේදී පුද්ගලයෙකු ලංගම බස් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. අනතුරත් සමග එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් බස් රථයට පහරදී අලාභ හානි සිදුකර තිබේ. අනතුරුව ඔවුන් එම බස් රථයට ගිනිතැබීමට උත්සාහ ගැනීමත් සමග එහි පැමිණි පොලීසිය, පිරිස විසුරුවා හැරීමට පියවර ගෙන තිබේ. මේ වනවිට බස් රථය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Read More

2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වන “2024 සහ රටේ ආර්ථිකය” විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය. එසේම උද්ධමනය ද සියයට 5ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය. එම මාධ්‍ය හමුවේ සජීවී විකාශය ඉහතින්.

Read More

මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ, මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක අද (02) අලුයම ගින්න හටගෙන ඇති බවය. ගින්නෙන් මියගොස් ඇත්තේ අවුරුදු 37ක් සහ 45ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් වේ. ඔවුන් මාළු වාඩිය තුළ රැදී සිටිමින් රැකියාවේ නිරතව සිට ඇති බව පොලීසිය පැවසුවේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇත. පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නැගෙනහිර, ඌව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර දැදුරු ඔය, රාජාංගනය,…

Read More

බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එසවූ වැඩිම බර ප්‍රමාණය ඔසවමින් නව වාර්තාවක් පිහිටුවීමට චතුරිකා ප්‍රියන්ති ඊයේ (28) සමත් වූවාය. ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදීය. එම තරගාවලියේදී කිලෝග්‍රෑම් 87 කාන්තා බර පන්තියෙන් තරග වැදුණු චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත්විය. ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක් එස්වීමට සමත් වූ අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් විය. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඇය එස වූ කිලෝග්‍රෑම් 113ක බර ප්‍රමාණය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් විය. ඒ අනුව ඇය එසෙවූ කිලෝග්‍රෑම් 203ක සමස්ත බර ප්‍රමාණයද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වූ අතර එම…

Read More

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය. කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවය

Read More

මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය මහ බැංකුව නිසි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා ඉදිරියේදී එම කටයුතු සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කලේ 2005 වසරෙන් පසු නිසි ලෙස ආර්ථිකය පාලනය කිරීමට මහ බැංකුවට නොහැකිවීම හේතුවෙන් වර්තමාන ආර්ථික කඩා වැටීම සිදුවී ඇති බවය. ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. බදු පැනවීම හේතුවෙන් කෙටිකාලීනව පීඩාවට පත්වුවද දිගුකාලීන ප්‍රතිලාභ අත්විය හැකි බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇත. රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ බව පවසයි. එහි සභාපති සිසිර පියසිරි මහතා සඳහන් කළේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවය.

Read More