Author: LFN

මිථ්‍යාදෘෂ්ඨික අදහස් සමාජගත කර, දිවි නසාගැනීම ප්‍රවර්ධනය කරන විකෘති මානසිකත්වයක් ඇති කණ්ඩායමක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වී තිබේ. ඒ පසුගියදා මාලබේදී සයනයිඩ් හා සමාන විෂ කුඩක් ආහාරයට ගෙන දිවි නසාගත් පවුලේ අවසන් කටයුතුවලට සහභාගී වූ තරුණයකු හා තරුණියක්ද එලෙසම දිවි නසාගෙන ඇතැයි වාර්තාවීමත් සමගය. මින් පෙර දිවි නසාගත් එම පවුලේ ගෘහමූලිකයා වන – බුදු දහම විකෘතිකර දේශන සිදුකළ බව කියන පුද්ගලයාගේ දේශනා සඳහා ද ඔවුන් සහභාගී වී ඇති බව පොලීසිය පවසයි. රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයකු බුදු දහම විකෘති කරමින් ස්ථාන රැසකදී දේශනා පවත්වා තිබුණි. එම දේශනවලදී ඔහු පවසා තිබුණේ සියදිවි නසාගැනීමෙන් මීළඟ ආත්මයට කඩිනමින් යා හැකි බවය.…

Read More

බදු අංකයක් ලබාගැනීමේ ක්‍රමවේදයට අනුගත නොවන පුද්ගලයන්ට රුපියල් 50,000 ක දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අද (03) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්යය කිරීමට රජය පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “රටේ අනාගතය ගැන සිතා රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද, ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.” “බදු ලිපිගොනුවක් විවෘත කර අංකයක්…

Read More

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු සඳහන් කළේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව භාජනය නොකෙරුණු බවය. නමුත් ඔහුගේ හඬ ට යම් විවේකයක් අවශ්‍ය බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා තවදුරටත් පැවසීය. “ජනප්‍රිය ගායක චාමර වීරසිංහ කෘතිම ශ්වසන ආධාරකවලින් තොරව දැන් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදුකරනවා. නමුත් ඔහුව තවදුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ගනිමින් දැඩි නිරීක්ෂණයක නිරතවෙමින් සිටිනවා. සමස්තයක් ලෙස කියන්න පුළුවන් වෙන්නේ ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරී තිබෙනවා.” “අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔහුව උගුරේ ශල්‍යකර්මයකට භාජනය කෙරුණේ නැහැ. නමුත් ඔහුගේ හඬ…

Read More

සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. එමෙන්ම විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබේ.

Read More

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා, “මෙවර අලුත් විෂයක් එකතුවෙලා තියෙනවා. කොරියානු භාෂාව. ඒ විෂය එකතු කිරීමට යෑමේ දී කාලසටහනේ පුංචි වෙනස්කම් කිහිපයක් සිදුකරන්නට වුණා. ඒ නිසා මම සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා පෙර පැවති කාලසටහන පාවිච්චි කරන්නට එපා. මොකද සමහර වෙබ් අඩවිවල මේ කාලසටහන වැරදි විදියට දක්වලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂකයින්ට පහසුවෙන්න අපි ප්‍රවේශපත්‍රයේම මේ කාලසටහන දක්වලා තියෙනවා. ඒ නිසා කිසිදු වෙනත් තොරතුරකට යන්න අවශ්‍ය නෑ. ඔබේ ප්‍රවේශපත්‍රය ගත්තහම එකේ වෙන්කර ගන්න කොටසක් තියෙනවා.…

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව ඊයේ (02) දින සිට නැවත දැනුම්දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු වේ. එසේ වුවත් අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට / අංශයට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබාගත හැකි බව ද අදාළ චක්‍රලේඛයේ දැක්වේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03)…

Read More

ජපානයේ හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ගුවන් යානයේ ගැටුණු වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අනතුරට ලක්වූ වෙරළාරක්ෂක ගුවන් යානයේ නියමුවා ඉන් දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර එම යානයේ ගැටුණු හොකයිඩෝ සිට පැමිණි JAL 516 මගී ප්‍රවාහන යානයේ සිටි මගීන් 379කගේ දිවි බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇත.

Read More

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවය. එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම…

Read More

සිය රෝගී දරුවාව යතුරුපැදියේ තබාගෙන හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් යුක්තිය මෙහෙයුම අතරතුරදී ඉංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මෙම කාන්තාවක් සහ අදාළ දැරිය ගමන්ගත් යතුරුපැදිය ඉංගිරිය පොලිසිය විසින් නම්බපාන ප්‍රදේශයේදී නවතා පරීක්ෂාකර ඇති අතර එහිදී සැකකාරියගේ යට ඇඳුම් තුළ සඟවාගෙන සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2250ක් පොලීසියට හමුවී තිබේ. පොලිසිය සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කාන්තාව පවසා ඇත්තේ තමා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන සිය 11 හැවිරිදි දැරියද යතුරුපැදියේ තබාගෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙහි නිරත වන බවය. එමෙන්ම යතුරුපැදියේ අසුන යට තිබූ ජංගම දුරකතන 8ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් එක්ලක්ෂ පනස්දහසක…

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එම දිස්ත්‍රික්කයේ මීට පෙර බදුල්ල, සොරණාතොට, කන්දෙකැටිය සහ හාලිඇල සඳහා නිකුත් කර තිබු පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත් ලුණුගල සහ පස්සර සඳහා නිකුත් කර තිබු දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත් තවදුරටත් දීර්ඝ කර ඇත. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. එම දිස්ත්‍රික්කයේ මීට පෙර පාතහේවාහැට ප්‍රදේශය සඳහා…

Read More