Author: LFN

දිවයිනම ආවරණය වන පරිදි ලබන 07 වනදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය. ඒ පිළිබඳ මුලික සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාතංශයේ දී පවත්වා ඇති අතර ඊට පොලිස් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ඩෙංගු මර්දන ඒකකයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදී අද (04) සිට දිස්ත්‍රික් මට්ටමෙන් ඩෙංගු මදුරු මර්දන කමිටු ස්ථාපිත කිරීමට සහ ලබන 07 වනදා සිට දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති බව සඳහන්…

Read More

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතය. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කර පිටපතක් මුද්‍රණය කරගත හැකි වෙයි. ඒ නිසා එම අයදුම්පත ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබාගත හැකිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකිය. එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය. විභාගය මධ්‍යස්ථාන 2302කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිටත් සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි. මේ අතර දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග පවතින ගංවතුර හේතුවෙන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි සිසුන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ගංවතුර…

Read More

අද (04) දිනයේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද සවස 2.00න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ. මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙනි. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවය.

Read More

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

Read More

ඉරානයේ Kerman නගරයේ Saheb al-Zaman නමැති පල්ලිය ආසන්නයේදී එල්ලවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 103ක් දක්වා ඉහළගොස් ඇති බවය. එසේම මේ වනවිට ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් ඇත.

Read More

ත්‍රස්ත සංවිධානයක් විසින් මියන්මාරයේ රඳවාගෙන ඇතැයි පැවසෙන ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ එරට උප අගමැති සහ විදේශ ඇමතිගෙන් ඉල්ලීමක් කර ඇත. මියන්මාරයේ ත්‍රස්ත සංවිධානයක් මගින් එරට කඳවුරක ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවයේ යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

කොළඹ 07 කුරුඳුවත්තේ නිවසක මියගොස් සිටියදී හමුවූ පියානෝ ගුරුවරියගේ මරණය ඝාතනයක් බව හෙළිවී තිබේ. ඒ, සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 52 හැවිරිදි අවිවාහකයෙක් වන අතර ඔහු අවස්ථා කිහිපයකදීම ගුරුවරියගේ නිවසේ කුලී වැඩ සඳහා පැමිණි අයෙකි. විමර්ශනයේදී හෙළිවී ඇත්තේ සැකකරු විසින් ගුරුවරියව දූෂණය කර ඇති බවය. කොළඹ 07 කුරුඳුවත්ත, විජේරාම මාවතේ දෙමහල් නිවසක විසූ 75 හැවිරිදි මිත්‍රානි ස්මිත් ප්‍රනාන්දු නමැති පියානෝ වාදන ගුරුවරියක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලීසියට පසුගිය දෙසැම්බර් 15 වැනිදා වාර්තා වී තිබුණි. සිද්ධියේ විමර්ශන ආරම්භ කෙරුණේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසිනි. නිවස පිහිටි ස්ථානයේ තිබූ CCTV කැමරා කිහිපයක දර්ශන පරීක්ෂා කළ විමර්ශකයන් දැක තිබුණේ මරණය සිදුවූ…

Read More