Author: LFN

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) සහ ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 2න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම්සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

සංඛ්‍යා ලේඛනවලින් ලැබෙන ඉඟි කිසිසේත්ම යහපත් නැත. මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉකුත් දෙසැම්බර් 26 වැනිදා වන විට හමුවී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 85619 කි. එයින් 50 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ. මෙම සංඛ්‍යා ලේඛනවලින් අපගේ හිසට ඉහළින් ළඹදෙන මරණයේ අනතුර එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය. මෙම පරිසරය තුළ ‘ලෙඩවීම’ යනු කිසිදා සමාවක් නැති වරදකි. එහෙත් ඩෙංගු මාරයාට ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැත. අප විසින්ම තනා දෙන තවාන්වල ද අපගේ නොසැලකිලිමත්කම නිසා ඉදිවූ තවාන්වල ද ඩෙංගු මදුරුවෝ පිණුම් ගසති. විනාශය, ගෙවත්ත පැන නිවෙසටම ඇතුල්වන තුරු ඇතැම් පුරවැසියෝ බලා සිටිති. ඇදහැළුණු අනෝරා මහ වැසිවලින් පසුව වසංගත…

Read More

මෑත ඉතිහාසයේ වැඩිම එළවළු මිල අද (02) දිනයේ දී වාර්තා වී ඇති බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි. පවතින අධික වර්ෂාපතනය සහ අස්වැන්න අඩුවීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමයේ ඩි.පි. ප්‍රසාද් සුසන්ත මහතා, “අද මිනිස්සු කොළඹට එළවළු එවලා නෑ. කැරට් රු 600යි, බෝංචි රු 600යි, තක්කාලි රු 600යි, මාළු මිරිස් රු 600යි, අමුමිරිස් රු 1000යි, ගෝවා රු 500යි, වම්බටු රු 500යි. මේ ගණන්වලට ඉතිහාසයේවත් මිල වැඩිවෙලා නෑ. මොකද වැස්සත් එක්ක එළවළු මිල වැඩිවෙලා තියෙනවා. තව ඉස්සරහට මිනිස්සුන්ට එළවළු කන එක හීනයක් වෙනවා…” මේ…

Read More

ප්‍රධාන අරමුණු කිහිපයක් මුල්කරගනිමින් නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 2024 නව වර්ෂය දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි වසරක් ලෙස දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි. ඒ අනුව, රට යළි ආර්ථිකව ගොඩනැගීම සඳහා නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට නියමිත අතර සියලුම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ඊට එක්වීමට නියමිතව තිබේ. මේ සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ද එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම පිරිස ඇමති තනතුරු බලාපොරොත්තුවෙන් නව ජාතික ආණ්ඩුව සමග එක් නොවන අතර කිහිපදෙනෙකුට ඇමති තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය. අයහපත් ආර්ථික තත්ත්වයට පිළියම් යෙදීම සාමාන්‍ය ජනතාවට සහන…

Read More

ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිතය. 2023 අංක 8 දරණ කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග යටතේ මෙම ව්‍යාපෘතිය නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇතැයි අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මඟින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හෙරොයින් ග්‍රෑම් 273ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111ක් සහ මත්පෙති 426ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ එක්දින සහ 20යි 20 කණ්ඩායම් නම්කර තිබේ. එම කණ්ඩායම් දෙකට ක්‍රීඩකයින් 15 දෙනා බැගින් ඇතුළත්ය. එක්දින සහ 20-20 තරගාවලියකට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වෙයි. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. සිම්බාබ්වේ එක්දින කණ්ඩාම නායකයා ලෙස ක්‍රෙග් අර්වින් නම් කර ඇති අතර 20-20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ සිකන්දර් රාසා යි. අත්දැකීම් බහුල ක්‍රීඩක ශෝන් විලියම්ස්ට ශ්‍රී…

Read More

විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ. වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC)පවසයි.

Read More

නව වැට් බදු සංශෝධනය ග්‍රාමීය ජනතාවට වඩා නාගරික ජනතාවට දැඩි ලෙස බලපාන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, නාගරිකව වෙසෙන මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට මෙම වැට් බදු සංශෝධනය දරුණු ලෙස බලපාන බවය. “වැට් බදු නිසා මේ වෙනකොටත් රටේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් සැලකිය යුතු මට්ටමෙන් වැඩිවෙලා තියෙනවා. ඉන්ධන මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ගෑස් මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ අනුව ප්‍රවාහන කේෂ්ත්‍රයේ මිල ගණන් ඉහළ යා හැකියි. ඒත් එක්කම සමස්තයක් විදියට බේකරි නිෂ්පාදන ඇතුළු විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක මිල ගණන් ඉහළ යෑමක් සිද්ධවෙලා…

Read More

චීනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එරට හිටපු නාවික හමුදාපතිවරයකු වූ ‘ඩොං ජුන්’ නම් කර තිබේ. හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර මාස දෙකකට පසු හිටපු නාවික හමුදාපතිවරයා නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. බීජිංහි පැවති ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු රැස්වීමක දී චීනයේ නීති සම්පාදකයන් විසින් අදාළ පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ. ඒ අනුව 62 හැවිරිදි ඩොං ජුන් ලබන ජනවාරි මස මුල් සතියේ දී නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතයි.

Read More