Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශපාලන පක්ෂ ජාතික ආණ්ඩුවකට සැරසෙයි
    Featured

    දේශපාලන පක්ෂ ජාතික ආණ්ඩුවකට සැරසෙයි

    By LFNJanuary 2, 2024No Comments2 Mins Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රධාන අරමුණු කිහිපයක් මුල්කරගනිමින් නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    2024 නව වර්ෂය දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි වසරක් ලෙස දේශපාලන විචාරකයින් පෙන්වාදෙයි.

    ඒ අනුව, රට යළි ආර්ථිකව ගොඩනැගීම සඳහා නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට නියමිත අතර සියලුම පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ඊට එක්වීමට නියමිතව තිබේ.

    මේ සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ද එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    මෙම පිරිස ඇමති තනතුරු බලාපොරොත්තුවෙන් නව ජාතික ආණ්ඩුව සමග එක් නොවන අතර කිහිපදෙනෙකුට ඇමති තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

    අයහපත් ආර්ථික තත්ත්වයට පිළියම් යෙදීම සාමාන්‍ය ජනතාවට සහන සැලසීම සහ රටපුරා විධිමත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමත්, නීතිය සහ සාමය ස්ථාපිත කරමින් සියලුම ආගම් සමගියෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමත් එම නව ජාතික ආණ්ඩුව බිහිකිරීමේ අරමුණු වී තිබේ.

    එමෙන්ම දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා උත්පාදනය, විදේශ ආයෝජන සඳහා පවතින බාධා ඉවත් කිරීම, විදුලි ගාස්තු අඩු කිරීම, වැනි ක්‍රියාමාර්ග ද නව ජාතික ආණ්ඩුව හරහා ඉටුවනු ඇති බව සඳහන්ය.

    කෙසේවෙතත් ජාතික ආණ්ඩු සංකල්පය පැවතිය දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඊයේ (01) දිනයේ සමගි ජනබලවේගය හා එක්වීම මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබේ.

    මීට අමතරව ඉදිරියේ දී තවත් මන්ත්‍රීවරුන් විපක්ෂය හා එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර එම වසරේදී මහ මැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    දේශපාලන රැසක් මේ වන විට ඒ සදහා සූදානමින් පසුවන බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පවත්වන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.