Author: LFN

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ. ඒ අනුව එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසුවේ අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බවය. මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණි. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය. ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇත. සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා…

Read More

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය. කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවය.

Read More

උඩවලව වන රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් පවත්වාගන යනු ලබන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (27) දින යුද්ධ හමුදා බුද්ධි අංශය හා මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව උඩවලව රක්‍ෂිතයේ වෙහෙරගොල්ල වන රක්‍ෂිතය තුළ වගාකරන ලද අක්කර 06ක පමණ වපසරියකින් යුත් මහා පරිමාණ ගංජා වගාවක් අත්අඩංගුවට ගෙන ඇති ඇති බවට වාර්තාවේ. එහි අඩි 6ක පමණ උසින් යුත් ගංජා පැල ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර ඇති බවට වාර්තාවේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මේ දිනවල විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මින් බොහෝ පිරිසක් විදේශගතව සිටින්නේ ඥාතීන් හමුවීම සහ සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සොයා බැලීම සඳහාය. මෙසේ විදේශගතවුණු මන්ත්‍රීවරු කීපදෙනෙක් පසුගිය දිනවල දිවයිනට නැවත පැමිණියහ. මේ අතර නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාවේ කාමර මෙම මස 14 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා මන්ත්‍රීවරුන් විසින් වෙන් කරගනු ලැබ අවසන් බව මන්ත්‍රී සේවා අංශය සඳහන් කළේය. මේ කාලය ඇතුළත මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් එම බංගලාව වෙන් කරගෙන ඇතැයිද පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති. අයවැය අවසාන ඡන්ද විමසීම පසුගිය 13 වැනිදා පැවැත්වීමෙන් පසු කතානායකවරයා…

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකළ පුද්ගලයකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේ රූපලාවණ්‍යාගාරවල පිරිසිදු කරන්නියන් වශයෙන් කාන්තාවන් බඳවාගන්නා බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකර සැකකරු විසින් මෙම ජාවාරම සිදුකර ඇත. ඒ අනුව උපාය දූතයෙකු මාර්ගයෙන් අදාළ ජාවාරම්කරු සමග සම්බන්ධ වී මෙම වැටලීම සිදුකර තිබුණි. ජාවාරම්කරු විසින් කුරුණෑගල රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් එම රැකියා අවස්ථා ලබාදෙන බවට දන්වා තිබේ.

Read More

ලොවපුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුරපසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. මෙරට බෞද්ධයන්ට ද ශාසනික වශයෙන් උඳුවප් පොහොය ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකය. සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම ද උඳුවප් පුරපසළොස්වක පොහොය දිනයේ දී සිදුව තිබේ. උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය…

Read More

ගල්කිරියාගම පොලීසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ආවේගශීලීව හැසිරෙමින්, උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදා භටයකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රාජකාරි කරමින් සිටින, දිවුල්වැව පදිංචි, ගුවන් හමුදා භටයකු බව පොලීසිය කියයි. මෙම ගුවන් හමුදා භටයාට එරෙහිව ලද පැමිණිල්ලක් මත වගඋත්තරකරු වශයෙන් ඔහු කැඳවා පෙරේදා (23 වැනිදා) පස්වරුවේ පැමිණිල්ල විභාග කරමින් සිටි අතරතුර සැකකාර ගුවන් හමුදා භටයා එහි ආවේගශීලීව හැසිරී ඇති බව පොලීසිය පවසයි. පොලීසියේ ආවේගශීලීව හැසිරීමෙන් වළකින ලෙස උප පොලිස් පරීක්ෂකවරයා කළ දැනුම්දීමකට උරණ වූ ගුවන් භටයා ඔහුගේ මුහුණට පහර කිහිපයක් එල්ල කර ඇති බව පොලීසිය කියයි. සිද්ධියෙන් තුවාල…

Read More

විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා (එක්සත් ජනතා නිදහස් සන්ධානය) සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි . සැකකරු කොරියාව, ජපානය ඇතුළු රටවල් ගණනාවක රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 03 සිට ලක්ෂ 10 දක්වා මුදල් ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර පේරාදෙණිය පොලිසියට පමණක් ලද පැමිණිලි 08ක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

බෙම්මුල්ල ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන අයකු සතු රුපියල් කෝටි තුනකට අධික දේපළක් සිය බාරයට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී එම පුද්ගලයාගේ නිවසේ තිබූ මගී ප්‍රවාහන බස්රථ දෙකක් , කුඩා ලොරි දෙකක්, ත්‍රී රෝද රථයක් , යතුරු පැදි පහක් සහ අගල් 65 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි. නීති විරෝධීව උපයාගත් දේපල බවට සැක කෙරෙන මෙම රථ වාහන සහ ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි තුනකට අධික විය හැකි බවත් පොලීසිය සඳහන් කරන අතර මෙම දේපල අයත් බව කියන පුද්ගලයා සහ බිරිද ප්‍රදේශයෙන් පලා…

Read More

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටිති. චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ඊට එක්ව සිටිති. 50 දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් සමග මෙරට නිෂ්පාදනය කෙරෙන කුළුබඩු සම්බන්ධව සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලයේ සභාපතිනී කුමුදිනි ගුණසේන යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වී සිටියහ. එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු…

Read More