Author: LFN
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ සියයට 2.8ක් ලෙසටය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 1ක් ලෙස සටහන් විය. මේ අතර ඔක්තෝබර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට -2.2ක් දක්වා ඉහළගොස් ඇත. ආහාර නොවන උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසයේදී සියයට 6.3ක් ලෙස පැවති අතර එය නොවැම්බර් මාසයේදී සියයට 7.1ක් දක්වා ඉහළගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
යාල රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් වගා කළ ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් යාල රක්ෂිතය තුළ (18) දින සිට දින හතරක් පුරා සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුව අක්කර පහකින් යුත් කෝටි පහකට වැඩි වටිනාකමන් යුත් ගංජා හේනක් හා එහි සිටි සැකකරුවෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත ඇති බවට වාර්තාවේ. යාල රක්ෂිතයේ පිලිමගල, මහාආරු ප්‍රදේශයේ බුත්තල – කතරගම මාර්ගයේ සිට සැතපුම් 10ක් පමණ දුරකින් අක්කර පහකට වැඩි භූමි ප්‍රමාණයක් තුළ එම හේන වගා කර ඇති අතර, එහි අඩි 6ක පමණ උසින් යුත් ගංජා පැල ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක්…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා දෙසැම්බර් මාසයේ වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1,410,064කි. ඒ අනුව පසුගිය ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ එම ප්‍රතිලාභී පවුල් වෙත ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 51,967කි. අන්ත දිළිඳු පවුල් 303,199ක්, දිළිඳු පවුල් 606,496, අවදානමට ලක් වු පවුල් 290,624ක් හා සංක්‍රාන්තික පවුල් 209,745 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම මේ වනවිට සිදුවෙයි.
2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (22) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 1 වන දින ආරම්භ වීමට නියමිතය. නව වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළේය.
තරුණියක් මුල් කරගෙන මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගතව ඇතැයි මිල්ලනිය පොලීසිය පවසයි. ඇතිවූ ගැටුමෙන් යතුරුපැදියකට හා ත්‍රීරෝද රථයකටද බරපතළ අලාභ සිදුවී ඇත. මිල්ලනිය බැල්ලන්තුඩාව ධම්මානන්ද මාවතේ, වෙළඳසලක් ඉදිරිපිටදී කඩු සහ මන්නාවලින් එකිනෙකට පහර දෙමින් මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු බැල්ලන්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා පොකුණුවිට පදිංචිකරුවෙකි. සිද්ධිය වූ ස්ථානයට පානදුර අපරාධ පරීක්ෂණාගාරය නිලධාරීන් පැමිණ…
උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ. අද (21) පස්වරු 03.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ජනාධිපතිවරයාත් සමඟ සාකච්ඡා පැවැත්වුව ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා පැවසීය.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔක්තෝබර් 07 වනදායින් අනතුරුව ගාසා තීරය ඉලක්ක කර එල්ලකළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගිය ගණන 20,000 ඉක්මවා ඇති බව හමාස් සංවිධානය පවසයි.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ රැඳවියෙකු ඊයේ පස්වරුවේ පළාගොස් තිබේ. මෙලෙස පළාගොස් ඇත්තේ ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙකි. උදරයේ ඇතිවූ බව පැවසෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබේ. හෙරොයින් මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගැනීම හේතුවෙන් අධිකරණය විසින් ඔහුට රුපියල් 10,000ක දඩයක් නියම කර තිබේ. එම දඩය ගෙවාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔහුව මෙලෙස ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා ඇත. මේ අතර ලබන මස 12 වනදායින් ඔහුගේ එම දඬුවම් කාලය නිමවීමට නියමිතව තිබීමද විශේෂත්වයකි. 25 හැවිරිදි වියේ පසුවන අදාළ රැඳවියා ඇඹිලිපිටිය වැව්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පළාගිය රැඳවියා සොයා බන්ධනාගාර නිලධාරීන් සහ ඇඹිලිපිටිය…
ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසීය.