Author: LFN

පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (20) සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන තිබේ. ඒ ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකටය. එය මෙවර IPL වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල් ප්‍රමාණයයි.

Read More

වසර 2 තිස්සේ සිය ඥාති සොහොයුරියක් ලිංගිකව අපයෝජනය කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ළමා අසභ්‍ය දර්ශන නරඹන හා හුවමාරු කරගන්නා පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම මගින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදුන් නව ක්‍රමවේදයක් උපයෝගී කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා අතින් අපයෝජනයට ලක්ව ඇත්තේ ඔහුගේ ඥාති සොහොයුරියක් වන 12 හැවිරිදි වියේ පසුවන දැරියකි. සැකකාර තරුණයා දැරිය ලිංගිකව අපයෝජනය කරමින් ඒවා වීඩියෝ ගතකර ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…

Read More

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් අටදහසක් ඇතුළුව දිවයින පුරා එකොලොස් දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී තිබේ. මෙම තත්ත්වයත් සමග මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 8ක් සහ කිලිනොච්චියේ පාසල් 5ක් තාවකාලික වසාදමා ඒවායේ සහන කඳවුරු ස්ථාපිත කර තිබේ. මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවට වාර්තාවෙයි. මුලතිව් හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයන්ට අයත් යුද හමුදා නිලධාරීන් ජලගැලීම්වලින් කොටුවී සිටින ජනතාව මුදා ගැනීම් සිදුකරන අතර එලෙස මුදා ගන්නා පිරිස් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවෙත යොමු කෙරෙයි. මේ අතර බොරලන්ද ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වංගියකුඹුර ඔය පිටාර ගැලීමෙන් වගාබිම් රැසක් ජලයෙන් යටවී තිබුණි. වංගියකුඹුර ඕලුගම පාලමද…

Read More

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ”යුක්තිය” විශේෂ මෙහෙයුමේදී මාතලේ සිදුකළ වැටලීමකදී පාසැල් දරුවන් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී බාබුල් මාවා වැනි පාසල් ළමුන්ට අහිතකර දෑ අලෙවිකළ වෙළෙඳසැල් දෙකක් සහ නිවසක් වටලා පුද්ගලයින් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමේදී සැක පිට පුද්ගලයන් 17දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි පුද්ගලයන්ද වන බව පොලීසිය පවසයි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 50ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සොයාගැනීමට පොලිසිය සමත් වූ අතර සැකකරුවන් 20දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල නගරය ආසන්නයේ පිහිටි ගල්වල සහ එළුගල…

Read More

දකුණු පළාතේ රජයේ පාසල් 22ක විදුලිය සබඳතා විසන්ධි කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා චෝදනා කරයි. මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ අතර මාතර නගරයේ පිහිටි පාසල් 5ක් ද ඇති බවය.

Read More

ඔස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී කාන්තාවකගේ ඝාතන සිද්ධියකට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන ජූඩ් විජේසිංහ නමැති පුද්ගලයෙකි. ඔහු එම සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස කටයුතු කරන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ තියුණු ආයුධයකින් පහරදීමෙන් අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවය. අනතුරුව සැකකාර ජූඩ් විජේසිංහ නමැත්තාද ආයුධයකින් තමන්ටම තුවාල සිදුකරගෙන ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. ඉන් තුවාල ලැබීම හේතුවෙන් ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. ඝාතනයට ලක්ව ඇති කාන්තාව සහ සැකකාර ජූඩ් එකට සේවයේ නිරතව ඇති…

Read More

හෝමාගම පිටිපන ගබඩාවත්ත සමෘද්ධි බැංකුව කොල්ලකා තිබේ. ඊයේ (19) සවස ගිනිඅවියක් සමග ඊට ඇතුලුවූ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් සේවකයින් බියවද්දා එහි තිබූ රුපියල් ලක්ෂ 07කට ආසන්න මුදලක් රැගෙන පළාගොස් ඇත. හෝමාගම මූලස්ථාන පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බවය. යතුරුපැදි හිස් ආවරණ පැළඳ මුව ආවරණ ද පැළඳ සිට ඇති කොල්ලකරුවන් එකවරම බැංකුව තුළට කඩාවැදී තිබේ. ඒ අවස්ථාවේ බැංකුව තුළ පුද්ගලයින් 08 දෙනෙකු සේවය කරමින් සිට තිබූ බවත් පොලීසිය පැවසීය. කොල්ලකරුවන් තලගල දෙසට පළාගොස් ඇති බවද පැවසෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

Read More

ලෝකයේ අංක දෙකේ ආර්ථික බලවතා වන්නේ චීනය යි. චීනයේ ආර්ථිකය සමස්ත ලෝකයේම ආර්ථිකයට, විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු චීනය සමග සමීප ආර්ථික සබඳතා පවත්වන රටවලට බලපෑමක් ඇති කරන බව පැහැදිලි ය. එළඹෙන 2024 වසර චීනයේ ආර්ථිකයට කුමක් සිදුවිය හැකි ද? යන්න විදෙස් මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවකි. ලොවටම ඉමහත් බලපෑමක් ඇති කළ කොවිඩ් වසංගතයෙන් අනතුරුව, කොවිඩ් පාලන නීති රෙගුලාසි අන්තිමට ඉවත් කළ රට වන්නේ චීනය ය. ඒ සමගම චීන පාරිභෝගිකයන්ගෙන් වෙළෙඳසැල් පිරී යනු ඇති බවත්, විදේශිය ආයෝජන නැවතත් රට තුළට ගලා එනු ඇති බවත්, කර්මාන්තශාලා නිෂ්පාදන ඉහළ යනු ඇති බවත් චීන බලධාරීන් අපේක්ෂා කළේය. එමෙන්ම ඉඩම් වෙන්දේසි සහ නිවාස අලෙවිය ස්ථාවරවීමකුත් චීනය අපේක්ෂා…

Read More

ක්‍රිකට් හැදීමට ප්‍රථමයෙන් රට හදා සිටිය යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පුරවැසි හඬ බහු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා,

Read More