Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන ආර්ථිකය පසුබසී
    International

    චීන ආර්ථිකය පසුබසී

    By LFNDecember 20, 2023No Comments3 Mins Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝකයේ අංක දෙකේ ආර්ථික බලවතා වන්නේ චීනය යි.

    චීනයේ ආර්ථිකය සමස්ත ලෝකයේම ආර්ථිකයට, විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු චීනය සමග සමීප ආර්ථික සබඳතා පවත්වන රටවලට බලපෑමක් ඇති කරන බව පැහැදිලි ය.

    එළඹෙන 2024 වසර චීනයේ ආර්ථිකයට කුමක් සිදුවිය හැකි ද? යන්න විදෙස් මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවකි.

    ලොවටම ඉමහත් බලපෑමක් ඇති කළ කොවිඩ් වසංගතයෙන් අනතුරුව, කොවිඩ් පාලන නීති රෙගුලාසි අන්තිමට ඉවත් කළ රට වන්නේ චීනය ය.

    ඒ සමගම චීන පාරිභෝගිකයන්ගෙන් වෙළෙඳසැල් පිරී යනු ඇති බවත්, විදේශිය ආයෝජන නැවතත් රට තුළට ගලා එනු ඇති බවත්, කර්මාන්තශාලා නිෂ්පාදන ඉහළ යනු ඇති බවත් චීන බලධාරීන් අපේක්ෂා කළේය.

    එමෙන්ම ඉඩම් වෙන්දේසි සහ නිවාස අලෙවිය ස්ථාවරවීමකුත් චීනය අපේක්ෂා කර තිබුණි.

    එහෙත් සිදුවුණේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීම් මාලාවකි.

    චීන පාරිභෝගිකයන්ගෙන් මිලදී ගැනීම් අඩුවූ අතර ඔවුන් දුෂ්කර කාලයකදී භාවිතය සඳහා මුදල් ඉතිරි කිරීමට පෙළඹුණි.

    රටක ආර්ථිකය ක්‍රියාකාරී වීමට පාරිභෝගික මිලදී ගැනීම ඉහළ මට්ටමක පැවතීම වැදගත් ය.

    එමෙන්ම චීනයේ මෙතෙක් පැවති විදේශ ආයෝජන පවා නික්මයාම ආරම්භ වූ අතර, ඔවුන් රටින් මුදල් ඉවත් කරගැනීමට කටයුතු කළේ ආර්ථිකයට බලපෑමක් ඇති කරමිනි.

    චීන කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රයට විශේෂයෙන් බටහිර රටවලින් ලැබෙන ඇනවුම් අඩාල වූයේ එම රටවල ආර්ථිකයන් හි පසුබෑම ඇතුළු හේතූන් නිසා ය.

    විශේෂයෙන් චීනයේ දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ අඩාලවීමක් හා අර්බුදකාරී තත්ත්වයක් ද පසුගිය කාලය තුළ දක්නට ලැබුණි.

    කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ අපේක්ෂාවන් කඩිනමින් ඉටු නොවීම ඇතැමුන් ඍණාත්මක ඇසකින් දුටු අතර, ඔවුන් බොහෝවිට චීන ආර්ථිකයේ වර්ධන ආකෘතිය පිළිබඳව සැක පළකළ අය විය.

    චීනයේ වර්තමාන ආර්ථික ප්‍රවණතාවන් ඔවුන්, දශක ගණනාවක් ශීඝ්‍ර වර්ධනයක් ලබා 1990 දශකයේ සිට ආර්ථිකයේ නතරවීමක් දක්නට ලැබුණු ජපානයටත් ඇතැම්විට සම කළේය.

    ඔවුන්ගේ තර්කය වන්නේ චීනය ඉදිකිරීම් ප්‍රමුඛ සංවර්ධනයක සිට පාරිභෝගික කේන්ද්‍රගත වර්ධනයක් කරා මීට දශකයකට පමණ පෙර පරිවර්ථනය විය යුතුව තිබූ බවය.

    කෙසේ නමුත් පාරිභෝජනය ප්‍රවර්ධනයට පියවර ගන්නා බවත්, ආර්ථිකය දේපළ මත යැපීමෙන් ඉවත්වී ඉහළ අන්තයේ නිෂ්පාදනයන් පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරන බවත් චීන බලධාරීන් ප්‍රකාශ කළේය.

    ලෝකයටම ණය ලබාදුන්නත් චීනයත් යම් ආකාරයක ණය අර්බුදයකට මුහුණදෙන අතර එහිදී ප්‍රදේශීය පාලනතන්ත්‍රයන් ණය බරට ලක්වීමත්, දේපළ වෙළෙඳ සමාගම් සේවා සැපයීමට නොහැකි තරම් අඩාලවීමත් දැකගත හැකිය.

    මෙම ණය පිරිසිදු කරමින්, ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ දිගු කාලීන තිරසාර මාර්ග සිතියමක් චීනය තවමත් සකස් කර නොමැත.

    චීනයේ ආර්ථිකය 2023 වසරේදී 5%කින් පමණ වර්ධනයවී ඇතැයි සැලකෙන අතර එය ගෝලීය ආර්ථිකය සහ සසඳන විට ඉහළ කාර්ය සාධනයකි.

    එහෙත් එම වර්ධනය ලැබීමට චීනය සිය නිෂ්පාදිතයෙන් 40%ක් නැවත ආයෝජනය කර ඇති අතර එය අමෙරිකාවේ ආයෝජනය මෙන් දෙගුණයකි.

    එයින් පැහැදිලි වන්නේ එම ආයෝජනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඵලරහිත බව යැයි රොයිටර්ස් විශ්ලේෂකයා පෙන්වා දෙයි.

    චීනයේ ජනතාවට වර්ධනයේ ප්‍රතිඵල ප්‍රමාණවත් ලෙස හිමි වී නොමැති බව එයින් පැහැදිලි වන අතර විරැකියාව 21% දක්වා ඉහළ යාම ද තත්ත්වය පෙන්නුම් කරන තවත් දර්ශකයකි.

    චීනයේ 70%ක් පවුල් සිය වත්කම් දේපළ සඳහා යෙදවීම ඵලදායී නොවන අතර, විදුලි වාහන ක්ෂේත්‍රයේ මිල තරගය ද චීන නිෂ්පාදකයන්ට අවාසිදායක වී තිබේ.

    මේ වාතාවරණය හමුවේ එළඹෙන 2024 වසරේදී චීනයට ඇතැම් දැඩි පියවරවලට එළඹීමට සිදුවනු ඇති බව අපේක්ෂා කෙරේ.

    එහිදී චීන බලධාරීන් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට උත්සාහ කරනු ඇති බවත්, එහෙත් චීනයේ එය සැමවිටම අභියෝගකාරී බවත් රොයිටර්ස් විශ්ලේෂකයා පෙන්වා දෙයි.

    චීනයේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන මිලියන සංඛ්‍යාත සංක්‍රමණික සේවකයන්ගේ සුබසාධනය උදෙසා වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමක් චීනය 2024 වසරේදී සැලසුම් කරනු ඇත.

    එමෙන්ම සිය දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ අර්බුදය සහ ණය ගැටලුව විසඳීමට ද චීනය පියවර ගනු ඇති බව අපේක්ෂා කෙරේ.

    චීනයේ ආර්ථිකය ගැන සැලකූවිට ඔවුන් සිදුකර ඇති ඵලදායී නොවන ආයෝජන පිළිබඳවත් රොයිටර්ස් විශ්ලේෂණය මගින් අදහස් දක්වා තිබේ.

    එම අයහපත් ආයෝජනවල වගකීම දරන්නේ රාජ්‍ය බැංකු විසින්ද මධ්‍යම රජය විසින් ද ව්‍යාපාර හෝ ගෘහස්ථයන් ඒ කියන්නේ චීන ජනතාව විසින් ද යන්න පැහැදිලි නොමැති බව රොයිටර් විශ්ලේෂකයා පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.