Author: LFN
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු වැළඳී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය අහිමි විය හැකි බව ද සඳහන්ය. කෙසේ වෙතත් පැතුම් නිස්සංක වෙනුවට ශෙවොන් ඩැනියල් කැඳවා ඇති බව වාර්තා වේ.
පොලීසිය විසින් තරුණයකු හා තරුණියකට හිරිහැර වන ලෙස සිදුකළ සෝදිසි කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් ලබාදී තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් වගවීම හා යුක්තිය සහතික කිරීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස තමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවය.
උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ පුනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලසුම සමාලෝචනය කිරීමට පුනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා මෙහි දී එක් වී ඇත. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පුනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එහි දී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද දැනුම් දී…
අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එම අමාත්‍යාංශයේ සහ විදේශවල ද රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගන්නා ජාවාරම්කරුවෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ. හංවැල්ල, නාරම්මල, ඇඹිලිපිටිය, මහබාගේ ආදි ප්‍රදේශවලින් මේ වන විට මොහු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙන අතර, ඔහු සොයාගන්නට පොලීසිය තවමත් සමත් වී නැති බව සඳහන්ය. අධිකරණ අමාත්‍යාංශයේ රැකියා අවස්ථා ලබාදෙන බවත් අධිකරණ අමාත්‍යංශයේ වෙන්දේසි කරන ලද වාහන ලබා දෙන බවත් කියමින් සැකකරු විසින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගන්නා බව වාර්තා වී ඇත. එමෙන්ම පුද්ගලයින් විදෙස්ගත කරවන බව ද පවසා මොහු විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ. ජාවාරම්කරු අධිකරණ අමාත්‍යාංශයේ බව දැක්වෙන ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පතක්…
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම්සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “ඕනේම වෙලාවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඒකට යොමු කිරීම තුළින් TIN අංකයක් ගන්න පුළුවන්. වඩාත් පහසු කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේක ලබාදෙන්න වැඩපිළිවෙලකුත් තියෙනවා. අපි සඳුදා මේ ගැන සාකච්ඡා කරලා, ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම බදු ගෙවීමේ බරක් පැටවෙන්නේ නෑ. බොහෝ අය බයයි නේ. මාසයක ආදායම රු ලක්ෂයකට වැඩි අයට විතරයි බද්දක් ගෙවන්න වෙන්නේ.” කෙසේ…
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතාව මෙලෙස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඔහුව අද පස්වරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙරට නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුවී ඇත. ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදීය. සිය ධුර කාලය අවසන් කර නික්ම යෑමට පෙර සිදුවූ එම හමුවේදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා අරක්ෂක ලේකම්වරයාට පවසා ඇත්තේ සිය ධුර කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශය ලබාදුන් සහයෝගයට කෘතඥතාව පළ කරන බවය.
ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට (06) දිනයේ වසා තැබෙන බව ජනතාවට දැනුම්දෙයි. ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක් මෙලෙස හෙට රාත්‍රී 10 සිට අනිද්දා (07) සවස 05 දක්වා වසා තැබෙනු ඇත. ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල නළ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
අද (05) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී හෙරොයින් ග්‍රෑම් 337යි මිලිග්‍රෑම් 758ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 242යි මිලිග්‍රෑම් 372ක්, ගංජා කිලෝ 06ක ප්‍රමාණයක් , ගංජා පැළ 7,772 ක්, මාවා කිලෝ 03යි ග්‍රෑම් 694ක්, හෂීස් ග්‍රෑම් 55ක්, මත්පෙති 1,221 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 226ක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් 1184 දෙනා අතරින් සැකකරුවන් 59 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ. සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 49 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර…