Author: LFN

නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අද (07) දිනයේ සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කරයි. අද දිනය තුළ අදාළ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සිදු කරන බව විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කර ඇත. මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ. 2024 වර්ෂය සඳහා අදාළ පත්කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් සිදු කරනු ලැබිණි.

Read More

මේ වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජනවාරි මස පළමු වැනි දින සිට 04 වැනි දින දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 25,619 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් වන 5,060 දෙනෙකු රුසියාවෙන් පැමිණ ඇති අතර, ඉන්දියාවෙන් ද සංචාරකයන් 3,333 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. ඊට අමතරව ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ අමෙරිකාව යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පසුගිය වසර තුළ පමණක් සංචාරකයින් දා හතර ලක්ෂ අසූ හත්දහස් තුන්සිය තුන් දෙනෙක් දිවයිනට…

Read More

පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී එහි ගමන් කළ අයෙකු පොලිස් නිලධාරියෙකුගේ අත සපා කා පළා ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. ඉකුත් 06 වැනි දා රාත්‍රී 10.45ට පමණ හලාවත – පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව – හැළඹවටවන ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදු වී ඇත. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, ආරච්චිකට්ටුව පොලීසියේ රථවාහන අංශයට අනියුක්ත ව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි. පසු ව ඔහු හලාවත මහා රෝහලෙන් ප්‍රතිකාර ලබා පිට ව ගොස් ඇත. සැකකරු සොයා ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

කොළඹ කොටස් හුවමාරුවේ යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම පහසු කිරීම සඳහා නියාමන රාමුවක් සකස් කර තිබේ. එය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති බව ද වාර්තා වී ඇත.

Read More

විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු විසින් ජපානයේ රැකියාවක් ලබාදෙන පවසා රුපියල් 1,619,000ක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි පානදුර – ගල්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළු ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා තිබේ. එරට මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (07) දිනයේ සිදු වන අතර, ඊයේ දිනයේ මෙම ගිනි තැබීම් සිදු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. සිකුරාදා දිනයේ මගී දුම්රියකට ද ගිනි තබා තිබූ අතර එහි දී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 08 දෙනෙක් තුවාල ලැබූහ. අදාළ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විපක්ෂයේ ප්‍රධාන දේශපාලඥයෙකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි. යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද පවත්වා තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.ශ්‍රී.සට්කුනරාජා මහතා ප්‍රමුඛ එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය අදාළ සාකච්ඡාවට එක් ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර ඇත. එහි…

Read More

සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. එමෙන්ම එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ, එම සේවක පිරිස් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසටයි. 2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ…

Read More

නේටෝ සංවිධානය සහ යුක්‍රේන බලධාරීන් අතර විශේෂ රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබේ. නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම විශේෂ රැස්වීම ලබන සතියේ බදාදා දින බොහෝදුරට පැවැත්වෙනු ඇති බවය. එය තානාපති මට්ටමින් පැවැත්වෙන බවද සඳහන් ය. යුක්‍රේන සිවිල් වැසියන් සහ එරට නගරවලට මෑත කාලයේ එල්ලවූ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසුව යුක්‍රේනය සිදුකළ ඉල්ලීමක් පරිදි මෙම සාකච්ඡාව කැඳවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More