Author: LFN
වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වූ කොළඹ 6 ප්‍රදේශයේ පදිංචිකාරියකි. මියගිය කාන්තාව විවාහක එක්දරු මවක් වන අතර, ඇයගේ සැමියා ඊට පෙර දින පුද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට ගොස් සිට ඇත. සිද්ධිය වූ දින ඇයගේ පුතා නිවසේ පාඩම් කරමින් සිටිය දී, ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ගොඩනැගිල්ලේ 8 වන මහලට ගොස් එයින් පැන ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. මියගිය කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට ද කරුණු අනාවරණය වී ඇත. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන…
රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5000ක් මෙලෙස ජනවාරි මස සිට හිමිවනු ඇත.
වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ DAT දීමනාව රුපියල් 35,000 සිට 75,000 දක්වා වැඩිකර ඇත. මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉහළ දැමීමට ජනපති කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව සියයට 25කින් ඉහළ දැමෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇත.
දැනට වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ වාහන ආනයනය කරන්නේද යන්න තීරණය කරන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව බවය.
නීතිවිරෝධී ලෙස මැණික් ගල් තොගයක් රැගෙන රටින් පිටවීමට උත්සාහ කළ චීන ජාතික යුවළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති යුවළ සතුව තිබී මැණික් ගල් 175 සොයාගෙන ඇත. එම මැණික් ගල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 50කට ආසන්න බව පොලීසිය පවසයි. එම මැණික් ගල් සහ අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට නියමිතය.
රංගන ශිල්පිනියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙකි. සැකකාර පොලිස් පරීක්ෂකවරයා 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. ඊයේ රාත්‍රියේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් පදවාගෙන ගිය පෞද්ගලික කුලී ත්‍රිරෝද රථයක අතවරයට ලක්වූ බව කියන රංගන ශිල්පිනිය ගමන්කර ඇත. එහිදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සැකකරු ත්‍රිරෝද රථය නවතා මෙලෙස එම රංගන ශිල්පිනිය අතවරයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රංගන ශිල්පිනිය පිළියන්දල පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන…
යුක්තිය මෙහෙයුම හේතුවෙන් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් පළාගොස් සැඟව සිටි ‘ෂෝටා’ නැමැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු දේවාලයක කපුවෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සුනාමිවත්ත ප්‍රදේශයේදීය. එම දේවාලයේ රුපියල් 1,500 මුදලක් අයකර සාස්තර කියමින් ඔහු කටයුතු කර ඇති බව හෙළිවී තිබේ. වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය එහිදී සැකකරු සමග රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින්ද සොයාගෙන තිබේ.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස්කරගත්තේය. සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ගොඩ නැගූ ඔහුගේ එම ආරක්ෂාකාරී ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය. නායකයාගේ සිට කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සුපුරුදු පරිදි වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේය. ඒ අනුව ජනිත්ගේ පිත්තේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කර මතින් පන්දුවාර 49කදී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ…
අද (09) සහ හෙට (10) දිනවලදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවය. උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදැසන කාලයදී ද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.…
ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සිදුකරන ක්‍රියාවන්ට එරෙහිව නව නීතී සම්පාදනය කිරීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින්, සමාජ ආතතිය ඇති කරමින් සිදුකරන ක්‍රියාවන් වැළැක්වීම සඳහා එම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය. පුද්ගලයෙකු ආගමික කරුණු විකෘති කරමින් කළ දේශනා ආදිය අනුගමනය කරමින් ඔහු හා ඔහුගේ අනුගාමිකයන් කිහිපදෙනෙකු සියදිවි හානිකර ගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් ද පත්කර ඇති බව වාර්තා වේ. රටේ නීතිමය…