Author: LFN

නායයාමක් හේතුවෙන් බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇත. මාර්ගයට ඉහළින් නායගිය පස්කන්දක් මාර්ගය හරහා ගොස් බදුලු ඔයට වැටීමෙන් එම ස්ථානය මුළුමනින්ම අවහිර වී ඇත.

Read More

ගල්කිස්ස පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු සිරමැදිරිය තුළ සියදිවි නසාගෙන තිබේ. ඊයේ (09) පස්වරු 2.24ට පමණ එම පුද්ගලයා සිරකුටියේ වැසිකිළිය තුළ ගෙල වැලලාගෙන සිටියදී හමුවූ බව ගල්කිස්ස පොලීසිය පවසයි. සැකකරු කොලඹ 05, තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 58ක පුද්ගලයෙකි. ඊ අලුයම ගල්කිස්ස පීරිස් පාර, බෝධිය අසල බස්රථයක් අසල රැඳී සිටියදී ඊට හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම නිසා ආරක්ෂක කටයුතු සිදුකරනු ලැබූ ජංගම රථයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු සිය කලිසමේ පටියක් ඉරා ඇඳුම් එල්ලන ඇණයක් ආධාරයෙන් මෙලෙස ගෙල වැලලාගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස මූලස්ථාන පොලීසිය මගින් සිදුකරයි.

Read More

වෛද්‍යවරුන් සඳහා වන ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ඊයේ ගත් තීරණයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ (09) රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් දියත් කළේය. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්විය. ඒ අතර මෙම වර්ජනයට සහාය පළ කරමින් අද (10) දින පැය 48ක වර්ජනයක් සිදුකරන බව තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති ගණනාවක් ඊ පස්වරුවේ නිවේදනය කර තිබුණි. රජය මෙතෙක් කල් වෛද්‍යවරුන් සඳහා මාසිකව ගෙවනු ලැබූ ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් DAT දීමනාව රුපියල් 35,000කි. එය රුපියල් 70,000 දක්වා වැඩිකිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ කෙරුණි. කෙසේ වෙතත් එම දීමනාව තමන්ට ලබානොදීම…

Read More

අ.පො.ස උසස් පෙළ 2023 (2024) විභාගය ඉකුත් 04 වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 31 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2302කදී පැවැත්වෙයි. මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් තුළ සංවිධානය නොකරන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ.

Read More

තමන්ගේ සිව් හැවිරිදි වියේ පසුවන දරුවා ඝාතනය කළ බවට සැකපිට ඉන්දියාවේ ජනප්‍රිය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Suchana Seth නමැති කාන්තාවකි. ඇය සිය කාර්යාලයේදී පුංචි පුතු ඝාතනයට ලක්කර ගමන් මල්ලක දමා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය සැමියා සමග ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට එරට පොලීසිය සැකපළ කරයි.

Read More

ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකට එරට ආරක්ෂක අංශ විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ලකර තිබේ. එහිදී එරට ආරක්ෂක අංශ විසින් එම ශ්‍රී ලාංකිකයින්ට අමානුෂික ලෙස පහරදී කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වනු ඇත. ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන ඇත. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දැනුම්දුන්නේය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවය.

Read More

බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති හිමිනමක් ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්‍ ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය. මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව මහෙස්ත්‍රාත්වරයා තීන්දු කළේය. කෙසේ වෙතත් මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය. ඒ අනුව සැකකාර “විශ්ව බුද්ධා” හිමියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

Read More

වෛද්‍ය නිලධාරීන් සඳහා ලබාදුන් රුපියල් 35,000ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට ලබා නොදීමට එරෙහිව සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඊයේ (08) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබා දීමට එකඟ වුවද සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස එය ඉටු නොකිරීම සම්බන්ධයෙන් කනගාටු වන බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනූව, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටුකිරීමේදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව අද උදෑසන 8 සිට සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සාධාරණය ඉටු කිරීමට කඩනමින් කටයුතු නොකරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය වෘත්තීයවේදීන්…

Read More