Author: LFN

ජපානයේ මුදල් අමාත්‍ය සුසූකි ෂුනිචි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවය.

Read More

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකර තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන පක්ෂ සම්මේලනයේදී නව නායකයා තෝරාගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ නිල නිවසේ පෙරේදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් යන මහත්වරුන් ඉදිරිපත් වී තිබේ.

Read More

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසීය. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ…

Read More

කොළඹ ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානයට අවශ්‍ය සැකකරුවකු හඳුනා ගැනීම සඳහා ආදුරුප්පු වීදිය පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. පසුගිය 10 වනදා කාන්තාවකට පෙට්‍රල් දමා ගිනි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙලෙස මහජන සහාය පතයි. අදාළ සැකකරු මොහොමඩ් නිජාම් මොහොමඩි සෆ්නීස් නම් අංක 93/13, ආදුරුප්පු වීදිය, කොළඹ 13 යන ලිපිනයේ පදිංචිකරුවෙකි. සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් පහත සඳහන් දුරකථන අංකවලට විස්තර ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. 0717 478 912 0718 594 423 0112 323 356

Read More

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වුණි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය. අවස්ථා කිහිපයකදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදුවිය. වර්ෂාවේ බාධා මැද සිය ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිලට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණි. වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට පන්දුවාර 27 බැගින් ලබාදීමට තීරණය විය.…

Read More

අද (12) දින සිට උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද (11) පැවැත්වෙන තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ. දෙරට අතර අද පැවැත්වෙන්නේ තෙවැනි සහ අවසන් එක්දින තරගය යි. කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම තරගය අද පස්වරුවේ ආරම්භ වූ අතර වර්ෂාව හේතුවෙන් මේ වනවිට තරගය තාවකාලිකව නතර කර තිබේ.

Read More

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපතිවරයා විසින් තානාපතිවරුන්ව දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම්දෙයි. එම රටවල් සමඟ වඩාත් සමීප සහයෝගීතාවයක් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

Read More

උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩු වීමක් අද (11) දිනයෙන් පසු ව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඌව පළාත, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

Read More