Author: LFN

අධික තරබාරුකම හේතුවෙන් ඇවිදීමට අපහසුවෙන් සිටි 61 හැවිරිදි කාන්තාවක් මහනුවර පෞද්ගලික රෝහලක දී ‘ලයිපොසක්ෂන්’ නම් සැත්කමට ලක්කර තිබිණි. වෛද්‍යවරුන් පැවසුවේ, එහි දී ඇයගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5ක් ඉවත් කළ බවයි. විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සඳහන් කළේ, අවදානමක් පැවති නමුත් රෝගියාගේ අපහසුතාව ගැන සිතා සැත්කම සිදු කළ බවයි.

Read More

මාවතගම ප්‍රදේශයේ දී සිදුකළ යුක්තිය සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ මැණික් ගලක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම එම පුද්ගලයාව නිදහස් කර ගැනීමට රු 100,000ක මුදලක් රැගෙන ආ තවත් පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව වාර්තා වේ.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට (13) පස්වරු 05 සිට අනිද්දා (14) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බ‍ව එම මණ්ඩලය සඳහන් කළේය. අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.

Read More

පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය වන්නේ අරාබි රටවල් සමග සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමයි. ඉතා ඉක්මණින් ලබන වසරේදී හෝ කසක්ස්තානයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමට බලාපොරොත්තු වනවා. කාබුල් නුවර තිබූ තානාපති…

Read More

ජනතාවට විදුලි බිලේ සහනයක් ලබාදීමේ යෝජනාව අද (12) දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ මේ වනවිට එහි සියලු කටයුතු සූදානම් කර ඇති බවය. “විදුලි බිල හරහා දෙන්න පුළුවන් උපරිම සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා. හැමෝම කතා කරන්නේ ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර ජනතාව ගැන. ඉතාමත්ම අඩු මට්ටමේ තමයි ඒ අයගේ ජීවන තත්ත්වය තියෙන්නේ. අනිවාර්යයෙන්ම මෙහි ප්‍රධාන වාසිය ඒ පරාසය තුළ සිටින අඩු ආදායම් ලබන ජනතාවට ලැබෙයි.”

Read More

අපචාර ඇතුළු සංවේදී සිද්ධීන්ට අදාළ නඩු කටයුතුවලදී කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.

Read More

වෛද්‍යවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ අවසන් කිරිමට තීරණය කර තිබේ. එම දීමනාව ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වුණි. එවැනි පසුබිමක රෝහල් ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ උදෑසන 6 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එම ක්‍රියාමාර්ගය අද උදෑසන 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ…

Read More

ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබේ. ඒ ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන ‘Annapoorani’ හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් මෙලෙස ඇයට එරෙහිව නඩු පවරා තිබේ. මෙහිදී නයන්තාරා ඇතුළුව 7කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇත. ඒ අනුව ‘Annapoorani’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Nilesh Krishnaa, නිෂ්පාදකයින් වන Jatin Sethi සහ R Ravindran සහ Netflix India හි ප්‍රධානීMonika Shergill ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුටය. මෙම චිත්‍රපටය 2023 වසරේ දෙසැම්බර් මස පළමු වනදා ප්‍රදර්ශනය ආරම්භ කළ අතර දෙසැම්බර් 29 වනදායින් පසුව එය Netflix ප්‍රදර්ශනය ආරම්භ කළේය. කෙසේ වෙතත් පොලිසියට ලද පැමිණිලි හමුවේ එය තාවකාලිකව ඉන් ඉවත්කර තිබේ. එහි අධ්‍යක්ෂවරයා දැනුම්දී…

Read More

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එම ආයතනය පෙන්වා දෙන්නේ එහි අගය රික්ටර් මාපකයේ 6.4ක අගයක් ගෙන ඇති බවය. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම භූ කම්පන තත්ත්වය ඇෆ්ගනිස්තානයට අමතරව පාකිස්තානය, ඉන්දියාව, තජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවලට ද දැනී ඇති බවය.

Read More