Author: LFN
හිගුරක්ගොඩ මින්නේරිය ප්‍රදේශයේ නිවසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණයත් සමග නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි. අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි එක් දරු මවක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා සහ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවා ද අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත. මේ අතර පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසුවේ දිගින් දිගටම එම දිස්ත්‍රික්කය සදහා වර්ෂාපතය ලැබීමත් සමග මේ වන…
නවගමුව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. කඩුවෙල කොරතොට ප්‍රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පවසමින් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කෙරෙන යතුරුපැදි හිස් ආවරණ පැලඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් එම නිවසේ සිටි පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඊයේ (10) රාත්‍රි හිසට වෙඩි තබා ඇතැයි පොලීසිය පැවසීය. පැහැරගෙන ගොස් තිබූ පුද්ගලයා මාලඹේ තුන්අදහේන, දෙල්ගහවත්ත, මහවෙල පාලමක් අසලදී බිම නිදිකරවා මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවියකින් හිස ප්‍රදේශයට වෙඩි තබා තිබූ බවත් පසුව තුවාලකරු අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කළේය. මෙලෙස…
මොලේ උණ වැළඳුණු රැඳවියන් වාර්තා වීම හේතුවෙන් සීමා කර තිබූ ගාල්ල බන්ධනාගාරයේ කටයුතු ලබන සෙනසුරාදා සිට යළි ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොලේ උණ රෝගයෙන් මියගිය අතර තවත් රැඳවියන් අට දෙනෙකු උණ රෝග තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් මේ වන විට ඉන් රෝගීන් සිව් දෙනෙකු සුවය ලබා ඇති අතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (11) දිනයේ සිට සතියක කාලයක් මෙරට රැඳී සිට සාකච්ඡාවල නිරත වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකු නියෝජියින් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීමත් සමඟ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම මෙම නියෝජිතයින් විසින් සිදු කිරිමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.
කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ. ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදුකරන බවට නිරීක්ෂණය වීමත් සමග රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව දන්වා ඇත. එමෙන්ම එම චක්‍රලේඛයට අනුව පස්වරු 3.00 දක්වා රජයේ කාර්යාල මුදල් ගනුදෙනු සඳහා විවෘතව තැබිය යුතු වේ. ඊට අමතරව රාජකාරි කාලය තුළදී සිය කාර්යාල හැඳුනුම්පත පැලඳ සිටීම හා නිල ඇඳුම් දීමනා ලබන සියලුම රාජ්‍ය නිලධරයන් සිය නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්ය වේ. මහජන දිනය ලෙස…
කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. කහතුඩුව අධිවේගී පිවිසුම අසළදී ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබුණි. සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවය කරන ඇය රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ තිබුණි. එම කාන්තාව හොරණ – කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු ඇයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය. ඝාතනය සිදුකළ පුද්ගලයා අනතුරුව මෝටර් රථයකින් එම ස්ථානයෙන් පළාගොස් තිබුණි. මෙලෙස ඝාතනයට ලක්වූයේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි දුලාංජලී අනුරුද්දිකා…
මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය අද (10) ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “උපයෝගීතා අංශයේ පිරිවැය නිරූපනය වන මිල සැකසුම, රජය සතු ව්‍යාපාර ප්‍රධාන වශයෙන් ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය මඟින් ක්‍රියාවට නංවනු ලැබීම, රජය මඟින් පසුගිය වසරේ හඳුන්වා දුන් වැදගත් ප්‍රතිසංස්කරණ වනවා. අනෙක් කාරණය වන්නේ ස්වෛරීත්ව ණය අර්බුදය විසඳීම සඳහා පියවර ගැනීමයි. රජය විසින් පසුගිය වසරේ අගෝස්තු – සැප්තැම්බර් කාලයේදී දේශීය ණය…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා අතර ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. රාජ්‍ය බැංකු නියෝජිතයන් සමග අස්වැසුම වැඩසටහන තවදුරටත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පවුල් ලක්ෂ 20කට සහන සැලසීමේ අරමුණෙන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වන විට පවුල් ලක්ෂ 14කට ඉන් ප්‍රතිලාභ හිමිවන බව සඳහන්ය. ලැබී තිබූ ලක්ෂ…
සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට සමගි බල වේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ විභාගය කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙම පෙත්සමය විභාගය අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් පෙත්සම් විභාගය කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළහ. ඒ අනුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වන්දා දක්වා කල් තැබීමටද අධිකරණය තීන්දු කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්මත කිරීමට අදාළ ඡන්ද විමසීම පැවැති…
අද (10) දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියව ගන්නා ලෙස…