Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිවසක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට
    Featured

    නිවසක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට

    By LFNJanuary 11, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිගුරක්ගොඩ මින්නේරිය ප්‍රදේශයේ නිවසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

    හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණයත් සමග නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

    අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි එක් දරු මවක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයා සහ අවුරුදු එකහමාරක් වයසැති කුඩා දරුවා ද අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

    මේ අතර පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඊ.එම්.එල් උදයකුමාර මහතා පැවසුවේ දිගින් දිගටම එම දිස්ත්‍රික්කය සදහා වර්ෂාපතය ලැබීමත් සමග මේ වන විට හදුනාගත් නායයෑම් ස්ථානවලට අමතරව තවත් ප්‍රදේශ රැසක නායයෑමේ සලකුණු පෙන්නුම් කරන බවයි.

    මේ හේතුවෙන් ජනතාව වඩාත් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ඊ.එම්.එල් උදයකුමාර මහතා සඳහන් කර ඇත.

    මේ අතර පස්කදු කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇති බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ පස් ඉවත් කිරීමේ කටයුතු අද යළිත් ආරම්භ කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඊ.එම්.එල් උදයකුමාර මහතා සඳහන් කර තිබේ.

    මේ අතර අම්පාර ඉගිනියාගල සේනානායක සමුද්‍රය ද වාන් දැමීමට පටන්ගැනීමත් සමග ගල්ඔය පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවල ජනතාව සහ ඒ හරහා ගමන් කරන රථ වාහන රියදුරන් මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසු විය යුතු බවයි.

    මේ අතර අනුරාධපුරයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එරුවැව ගම්මානය හුදකලා වී ඇති බව වාර්තා වේ.

    මේ වන විට එම ගම්මානයට පිවිසෙන සියලු මාර්ග ජලයෙන් යට වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් දිවයිනට බලපා ඇති වර්ෂාපතන තත්ත්වයේ අද සිට යම් අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.