Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුරුද්ධිකාගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි
    Featured

    අනුරුද්ධිකාගේ ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    By LFNJanuary 10, 2024No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

    කහතුඩුව අධිවේගී පිවිසුම අසළදී ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබුණි.

    සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවය කරන ඇය රැකියාව නිමවා කාර්යාල සේවා බස් රථයෙන් කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ තිබුණි.

    එම කාන්තාව හොරණ – කොළඹ මාර්ගයට පැමිණෙමින් සිටියදී පුද්ගලයෙකු ඇයට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.

    ඝාතනය සිදුකළ පුද්ගලයා අනතුරුව මෝටර් රථයකින් එම ස්ථානයෙන් පළාගොස් තිබුණි.

    මෙලෙස ඝාතනයට ලක්වූයේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි දුලාංජලී අනුරුද්දිකා නැමැති 42 හැවිරිදි එක් දරු මවකි.

    ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙක් බවයි වාර්තාවෙයි.

    ඝාතකයා පැමිණි මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී ඔහු පිළිබඳව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

    ඒ අනුව සැකකරු විදෙස්ගතවීමට උත්සහා ගැනීමේදී අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    එලෙස අත්අඩංගුවට පත් වුණේ 47ත් හැවිරිදි ඩන්ස්ටන් ප්‍රසාද් නැමැත්තෙකි.

    පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, ඝාතනය සිදුකළ පුද්ගලයා හා අදාළ කාන්තාව අතර කලක පටන් සමීප සබඳතාවක් තිබී ඇති බවය.

    ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කළේය.

    සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

    සැකකරු පාතාල සාමාජිකයෙකුවන ඇල්ටෝ දර්මේ නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා බව ද පොලිසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.