Author: LFN
යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි. යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාව පවසන්නේ මත්ද්‍රව්‍ය සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුවද එය මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බවය. එමෙන්ම මත්ද්‍රව්‍ය චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සාධාරණ නඩු විභාගවලට යටත් කිරීමට පියවර ගත යුතු බවද ඇය පෙන්වා දෙයි. මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිදුකරන යුක්තිය මෙහෙයුම යටතේ අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා ඇතැම් සැකකරුවන් හිංසනයට ලක් කිරීම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්…
නිවසකට ඇතුළු වී කාන්තාවකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකුට එම කාන්තාව විසින් තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ. පහරදීම හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (13) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ, තංගල්ල පොලිස් වසෙම් මොරකැටි ආර නැගෙනහිර ප්‍රදේශයෙනි. මිය ගොස් ඇත්තේ, මොරකැටිආර නැගෙනහිර – නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර කාන්තාවගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවේ දී මරණකරු නිවසට පැමිණ බීමට වතුර ඉල්ලා ඇත. කාන්තාව වතුර ලබාදීමට කුස්සියට ගොස් සිටිය දී මරණරු පිටුපසින් පැමිණ කාන්තාව බදාගෙන ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ දී කාන්තාව විසින් තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ. පසු ව මරණකරු බිම ඇද…
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10ක් ලෙසය. රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ. රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා ඉහළ නංවා ඇති…
ATM කාඩ්පතකින් මුදල් වංචා කළ සැකකරුවෙකු දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) උදෑසන කාලයේ දී දියතලාව නගරයේ පිහිටි රජයේ බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ගැනීමට පැමිණි කාන්තාවක් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුට කාඩ් පත ලබා දී ATM යන්ත්‍රයෙන් මුදල් ලබාදෙන ලෙස පවසා ඇත. එම පුද්ගලයා විසින් මුදල් ලබාගැනීමට අපහසු බව පවසා ඒ.ටී.එම් කාඩ් පත ලබා දී පිට ව ගොස් තිබේ. පසු ව එම බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 02ක මුදල් ලබාගෙන ඇති බවට දුරකථනයට ලැබුණු එස්.එම්.එස්. පණිවිඩය අනුව කාන්තාව විසින් දියතලාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. ඒ සම්බන්ධයෙ දියතලාව පොලීසිය විමර්ශන සිදු කර සැකකරු බස් රථයක නැගී පළා ගිව බවට…
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල අද (14) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවය. ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අම්පාර, හම්බන්තොට සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවේ. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.
කල්පිටිය සිට කොළඹ ප්‍රදේශයන් වෙත මහා පරිමාණයෙන් සිදු කෙරෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත අනතුරුව අද (13) උදෑසන කල්පිටියේ සිට ශ්‍රී ලංගම බස් රථයක සුක්ෂමව ප්‍රවාහනය කරමින් තිබූ කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ වසය අවුරුදු 30ක පුද්ගලයෙකු යුද්ධ හමුදා බුද්ධි අංශය හා පුත්තලම කොට්ඨාශ දුෂණ හා විෂ මර්ධන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පුත්තලම පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබන බවට වාර්තාවේ.
පාකිස්තානයේ PTI පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ ෂා කාලීඩ් නමැති පුද්ගලයෙකි. PTI යනු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන අතර ඝාතනය කර ඇති පුද්ගලයා ඔහුගේ සමීපතමයෙකු බවද පැවසෙයි. පාකිස්තානයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ මැතිවරණයක් අභියස බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් එහි සිටි රැඳවියන් 19 දෙනෙකු තුවාල ලබා ඇත. තවත් රැඳවියන් 60 දෙනෙකු පමණ පළා ගොස් ඇතැයි පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහිදි රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය විසින් අදාළ යෝජනා භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ (12) දහවල් 2න් අවසන් වූ බව සඳහන්ය.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (12) එම පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා, මෙම සිදුවීමේ මහමොළකරු ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව දැනෙන, හැඟෙන, පෙනෙන බව පැවසුවේය.